“බී” සාම්පල පරීක්ෂාව ට කුසල් පෙරේරා කටාර් රාජ්‍යයට

Kusal-Janith-Perera

තහනම් උත්තේජක ශරීරගත වී ඇතැයි චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ “බී” සාම්පල පරීක්ෂාව සඳහා ලබන සිකුරාදා (18දා) කටාර් රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සිදුකළ පරීක්ෂාවේ විශ්වසනීයත්වය උරගා බැලීම සඳහා චෝදනා ලද ක්‍රීඩකයා ඉදිරියේ හෝ ඔහුගේ නියෝජිතයන් ඉදිරියේ එම පරීක්ෂාව සිදුකළ මුත්‍රා සාම්පලයේම දෙවැනි කොටස නැවත පරීක්ෂාවට ලක්කිරීමට ක්‍රීඩකයාට හිමිවන අවස්ථාවට අනුව කුසල් ජනිත්ගේ “බී” සාම්පල පරීක්ෂාව ලබන 21 වැනිදා සිදුකිරීමට නියමිතව ඇත.

පසුගිය බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට පෙර අහඹු ලෙස ලබාගත් මුත්‍රා සාම්පල පරීක්ෂාවකදී ඇනබොලික් ස්ටෙරොයිඩ් නම් තහනම් උත්තේජකය කුසල් ජනිත්ගේ මුත්‍රා සාම්පලයේ අඩංගු වී තිබූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) විසින් දැනුම්දීමෙන් අනතුරුව දැන් පැවැත්වෙන නවසීලන්ත සංචාරයට එක්ව සිටි කුසල් ජනිත් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණි.

Related posts

Comments are closed.

Top