රටේ ආර්ථික සංවර්ධනය පිලිබඳව එක්සත් ජනපදය මුල්වී සමුළුවක්

 

national productivity awards

මෙරට ආර්ථික සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ආර්ථික සමුළු වැඩසටහන ලබන වසරේ දී අරඹන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික පලදායිතා සම්මාන ප්‍රදාන උත්සවයට සහභාගිවෙමින්ය.

එය පසුගිය 15  දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙරට ආරථික සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය සේවය කාර්යක්ෂමව යොදා ගැනීමට වත්මන් ආණ්ඩුව ගන්නා පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සභාව අමතමින් සඳහන් කළේය.

මෙහි එක් පියවරක් වශයෙන් ලබන ජනවාරි 7 සහ 8 වෙනිදා දෙදින තුළ ශ්‍රීලංකා ඉකොනොමික් ෆෝරම් හෙවත් ශ්‍රී ලංකා ආර්ථික සමුළුව මෙරට දී පැවැත්වෙනු ඇත.

ඒ සඳහා ඇමෙරිකාවේ හාවඩ් සරසවියේ “ජෝන් එෆ් කෙනඩි- ස්කුල් ඔෆ් ගවර්මන්ට්”  ආයතනයේ ජෝන් සෝබස්, මහාචාර්ය ජෝශප් ස්ටිග්ලිට්ස්, ඇතුළු ආර්ථික හා සමාජ සේවා අංශයේ විද්‍යාඥයන් රැසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, මුල්‍ය පාලනය, නව ආර්ථික උපායමාර්ග පිළිබඳව මෙහිදී වැඩි අවධානයට ලක්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ඉකොනොමික්ස් ෆෝරම් හරහා ගොඩනැගෙන අලුත් යාන්ත්‍රණයට රාජ්‍ය සේවයේ නිලධාරින්, පාර්ලිමේන්තු හා පළාත් සභා ආණ්ඩු හා විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට සහභාගිවීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන ඇති බව අගමැතිවරයාගේ විශ්වාසයයි.

Related posts

Comments are closed.

Top