මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ටයන් නෙරපයි

mai

දිමු ජයරත්න, රත්නසිරි වික්‍රමනායක හා ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මහින්ද රාජපක්‍ෂ හිතවාදී, ජ්‍යෙෂ්ටයන් 13 දෙනකු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මධ්‍යමකාරක සභාවෙන් නෙරපා හැර ඇති බව ගගන ට වාර්තාවේ.

පක්ෂයේ බලය තව දුරටත් තහවුරු කර ගැනීමේ පියවරක් ලෙසින් දිස්වන මේ තනතුරු වලින් පහ කිරීමෙන් අනතුරුව සිරිසේන ජනාධිපතිවරයා තමන්ට හිතවත් පාක්ෂිකයන් පිරිසක්  අලුතින්  පත්කර ඇති බව ප්‍රකාශිතය.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මේ සම්බන්ධ ලිපිය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇති බව නම සඳහන් නො කළ  ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බව,  ගගන කළ විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල විසින් ප‍්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත්, මධ්‍යම කාරක සභාවේ 54 දෙනාගෙන් 25 දෙනකුම පත් කිරීමේ බලය පක්ෂ සභාපති වශයෙන් මෛත්‍රිපාල සිරිසේන සතු වන බව ඔහු පැහැදිලි කළේය.

ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව අනුව රටේ රාජ්‍ය පාලනයේ ඉහළම තනතුර උසුලන පුද්ගලයා ට පක්ෂ සභාපති ධුරය හිමිවෙයි.

 

Related posts

Comments are closed.

Top