ආණ්ඩුව දුෂණ, වංචා, අල්ලස් හා නාස්තිය පිළිබඳ පරීක්ෂණයෙන් අසමත්

c11b9a3a-19c8-420d-a9e7-6dab1ec64da5

ආණ්ඩුව තමන්ගේ පළමු මාස 11 තුලදී දුෂණ, වංචා, අල්ලස් හා නාස්තිය පිළිබඳ පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව  ‘දුෂණ විරෝධි පෙරමුණ’ පවසයි.

එම පෙරමුණේ උපදේශක  කීර්ති තෙන්නකෝන් එම අදහස් පල කර සිටියේ  22 අගහරුවාදා පෙරවරුවේ රාජගිරිය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දුෂණ  විරෝධී පෙරමුණ විසින් ගොනුකල දෙවැනි පැමිණිල්ල හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් වන අතර ඔහුට එරෙහිව ‘දුසිමකට’ වැඩි චෝදනා පවතින නමුත් අද ඔහු ඉන්නේ ඇමති ආරක්ෂාව යටතේ බවයි කිර්ති තෙන්නකෝන් පවසන්නේ.

එලෙස වන්නේ   කෙසේද යන්න සම්බන්ධයෙන් දුෂණ විරෝධි පෙරමුණේ  උපදේශකවරයා රජයෙන්  ප්‍රශ්න කරයි.

එමෙන්ම දළදා වහන්සේගේ භාරකාරයා වන දියවඩන නිලමේ වරයාට විරුද්ධව දුෂණ විරෝධී පෙරමුණ විසින් සියලු තොරුතුරු දත්ත සහිතව පැමිණිලි ඉදිරිපත් කළ නමුත් අද වෙනතෙක්  එම  පැමිනිල්ල යට ගසා ඇති බවයි  කිර්ති තෙන්නකෝන් පවසා සිටියේ.

බුදු දහම ප්‍රමුඛ කොට ආරක්ෂා කිරිමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්  බැදී සිටින රජයක් දළදා වහන්සේ ගේ  දේපළ අවභාවිතය සම්බන්ධයෙන්  පියවර ගැනිමට අසමත් වී ඇති බව කිර්ති තෙන්නකෝන්ගේ අදහසයි.

එහිදි අදහස් දක්වමින්  උලපනේ සුමංගල හිමියන් පවසා සිටියේ මහනුවර නගරයේ දළදා මාලිගය ඉදිරිපිට  මාර්ගය වැසිම හේතුවෙන්  විනාඩි කිහිපයකින් ගමන් කිරිමට හැකි ගමනක් වෙනුවෙන් පැය කිහිපයක් නුවර වැව වටේ ගමන් කිරිමට සිදු වන බවයි.

මේ වන විට මහනුවර නගරය වැඩිම වායු දුෂණය සිදුවන නගරය ලෙස ඒ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන්නන් විසින් සොයා ගෙන ඇති බව පෙන්වා දෙන ඒ හිමියන් පවසන්නේ දළදා මාර්ගය ඉදිරිපිට මාර්ගය වසා දැමීම එම වායු දුෂණයට හේතු වී ඇති බවයි.

වායු දුෂණය හේතුවෙන් මහනුවර පාසැල් දරුවො 23000 ක් ස්වසන රෝග වලින් පෙළෙන බවයි උන්වහන්සේ පවසන්නේ.

Related posts

Comments are closed.

Top