වර්ෂාවසාන බෞද්ධ උළෙලකදී මෛත්‍රී මහින්ද හමුවක්|VIDEO

bf7f2207-9bde-44b1-baf7-04af0297426d

බුදුන් වහන්සේගේ දර්ශනය ලොවට ගෙන යන මහා සංඝරත්නයේ අසීමිත කැපවීම නිසාවෙන් රටේ බෞද්ධාගමික දර්ශනය තවමත් නොනැසී පවතින බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මේ බව සදහන් කළේ 31 බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක පූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහානායක ස්වාමීන් වහන්සේගේ ජන්ම ශත සංවත්සර මහෝත්සවය අමතමිණි.

මෙම අවස්ථාවට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපතිවරයා එකිනෙකාට සමාචාර කරගනු දැකගත හැකිවිය.

පූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර මහානායක හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ශාසනයේ චිරස්ථිතියට මෙන්ම රාජ්‍ය පාලනයට ලබාදෙන අවවාද උපදෙස් මහත් ශක්තියක් බව ද ජනාධිපති සිරිසේන එහිදි ප්‍රකාශ කළේය.

bf7f2207-9bde-44b1-baf7-04af0297426d

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  විසින් දවුල්දෙන ඥාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපහාර තිලිණයක් හා සුභාශීංශන පුස්තකය මෙහිදී ප‍්‍රදානය කළ අතර ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණ.

Related posts

Comments are closed.

Top