ලිංගික සබඳතාවේ අයිතිය ඉල්ලා ඉන්දියාවේ විලාසිතා විරෝධතාවක් | VIDEO

සේයා: AMaNA

සේයා: AMaNA

 

සමලිංගිකත්වය අපරාධයක් කරමින් ඉන්දීය මහාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව, වෙනස් ලිංගිකත්වයන් සහිත වූවන් විසින් ඊසාන දිග ඉන්දියාවේ ත්‍රිපුර නගරයේ ඉතා ආකර්ශනීය ‘රූප ශ්‍රී – විලාසිතා දැක්ම‘ පවත්වා තිබේ.

 

සාමකාමී උද්ඝෝෂණයක් බඳු වූ මෙම ‘සහයෝගිතා ඉසව්ව‘ සඳහා අන්තර් ලිංගිකත්වයක් සහිතවූවෝ අතිශයින් අලංකාර ඇඳුම් ආයිත්තම් වලින් සැරසී වේදිකාව මතට සම්ප්‍රාප්ත වෙමින් තමන් අත වූ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.

 

ඔවුන් වේදිකාවට ලෙළවාගෙන ආ පුවරු අතර “අපිට ආදරය සහ සමානාත්මතාව ලබාදෙන්න” ආදී  ලෙස ලියැවුණු සංවේදී සහ ආකර්ෂණීය වගන්තිද පැවතුණි.

 

මෙම සාමුහික විරෝධතාවේ පරමාර්ථය වූයේ වෙනස් ලිංගිකත්වයන් සහිතවූවන්ගේ ලිංගික සබඳතාවන්ගේ අයිතිය තහවුරු කරලීමට සමාජ අවදානය දිනා ගැනීමයි.

 

වසර 155ක් පමණ පැරණි බ්‍රිතාන්‍ය යටත්විජිත නිති සංග්‍රහයේ එන 377 වගන්තියට අනුව විවිධ ලිංගිකත්වයන් සහිතවූවන්ට ලිංගික සබඳතා පැවැත්වීම පවා සිර දඬුමක් ලැබිය හැකි වරදකි.

 

මෙම ‘සහයෝගිතා ඉසව්වට‘ ක්‍රියාකාරීව සහභාගීවූවන් පෙන්වා දුන්නේ අන්තර් ලිංගිකත්වයක් සහිතවූවන් තුන්වැනි ලිංගිකත්වයක් සහිත වූවන් ලෙස ඉන්දියාව නිල වශයෙන් පිළිගනු ලැබීම ඉදිරි පියවරක් වුවත් මෙම පැරණි නීති වෙනස් කර නැති බැවින් එවනි තුන්වැනි ලිංගිත්වයක් සහිත වූවන්ට නිදහසේ ලිංගික සබඳතා ගොඩනඟා ගැනීමට නීතිය බාධාවක් වී ඇතිචි බවයි.

අදහස් බෙදා හදා ගැනීම

 

“මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ තමයි මහජනතාව ඒකරාශි කරන එක. මොකද, රාජ්‍ය වේවා,රාජ්‍ය නොවන වේවා ඕනෑම තරාතිරමක කෙනකුට එකිනෙකා අතර බලපැවැත්වෙන

​පරිදි සාධාරණ සංවාදයක් ඇති කෙරෙන එක වැදගත් නිසා ඔවුන්ට ඔවුන්ගේ අදහස් බෙදාහදාගන්න වේදිකාවක් තනා දෙන එක සිද්ධ විය යුතුයි. නරඹන්න එන අය හා ප්‍රසංගය අතර අන්තර් සංවාදයක් ඇති වීම තුළින් ​මෙම විශේෂ ප්‍රජාවට පුළුවන් තේරුම්ගන්න තමන් සමාජ තුළ විද්‍යමාන වෙන්නෙ කොහොමද කියන එක. ඒකෙන් ඒගොල්ලන්ට පුළුවන් තම තමන්ගෙ ජීවිත පෝෂණය කර ගන්න පුළුවන් කාරණා උකහා ගන්න.”

 

මෙම ප්‍රසංගයේ ප්‍රධාන හවුල්කාර රාජ්‍ය නොවන සංවිධානයක් වන මනිපූර් අන්තර් ලිංගකයන්ගේ සම්මේලනයේ (AMaNA) ප්‍රධාන ලේකම්වරිය,සාන්තා කුරේ පැවසුවාය.

 

කෙසේ වුවද මහාධිකරණය පෙන්වා දෙන්නේ නීති සංග්‍රහයේ වන 377 වගන්තිය සම්බන්ධ තීන්දුවක් ගත හැකි වන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවට පමණක් බවයි.

Related posts

Comments are closed.

Top