හිරුණිකාගෙන් ලෝක වාර්තාවක් – උදය ගම්මන්පිල

pivithuru hela urumaya-press con

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ලොව කෙටිම කාලයක් තුළ ඇප ලැබූ තැනැත්තිය බවට ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධය හමුවකදී යි.

“අපි දන්නවා සිකුරාදා දිනවල පොලීසියට එන්න කිවුවොත් පොලිසියට යන්න බයයි. ප්‍රශ්න කිරීම් අවසන් වෙද්දී සවස තුන පැන්නොත් ඇප ගන්න විදියක් නෑ. අහෝ පුදුමයකි සෙනසුරාදා දවසෙත් රෙජිසිටාර් කාර්යයාලය වැඩ. ඇප ලබා දෙන්න කට්ටිය වැඩ. අපිට හරි ආඩම්බරයි ” යනුවෙන් උදය ගම්මන්පිල වැඩි දුරටත් අදහස් දැක්විය.

දෙමටගොඩ දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (9) වෙනිදා අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එදිනම ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි අතර ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

Related posts

Comments are closed.

Top