එක්සත් රටක් තුල ජාතික ප්රශ්නය විසඳා ගැනීමට ඉඩ සලසන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාව ඉදිරියේදී සම්මත කරගනු ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ නායකයා විශ්වාසය පල කරයි.
“ජාතික ප්රශ්නය එක්සත්, නොබෙදුණු, නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් තුල විසඳා ගැනීම අපේ අපේක්ෂාවයි,” යනුවෙන් විපක්ෂ නායක රාජවරෝධයම් සම්බන්ධන් ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථා මණ්ඩලයක් ඇතිකිරීමේ යෝජනාව පිලිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයට 12 අඟහරුවාදා සහභාගිවෙමිනි.
සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පත් කිරීමේ යෝජනාවක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සභාගත කරන ලද්දී 9 සෙනසුරාදාය.
වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම දෙමළ ජනතාව විසින් අත් හැර දමා ඇත්තේ යුද්ධය හමාර වීමටත් පළමු යයි පාර්ලිමේන්තුවේදී අවධාරණය කළ විපක්ෂ නායකයා ‘පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල් මැතිවරණ වලට සහභාගී වීමෙන් මෙම ප්‍රතිපත්තිය තහවුරු කොට ඇති’ බව කියා සිටියේය.
ඉකුත් මැතිවරණයෙන් උතුර ජයගත් දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ උතුරේ දේශපාලන පක්ෂ ඡන්දය ඉල්ලා සිටියේ ෆෙඩරල් පන්නයේ බලය බෙදා හැරීමක් මෙන්ම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමද වෙනුවෙනි.