නවසීලන්ත සංචාරයේ නොමනා හැසිරීම් ගැන පරීක්ෂණයක් – ක්‍රීඩා ඇමති

dayasiri-jayasekara--new

පසුගිය දා නිමාවට පත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය අතරතුර සිදුව ඇතැයි කියන ක්‍රීඩකයන් ගේ නොමනා ක්‍රියා කලාපයන් පිළිබඳව පරීක්ෂණ අරඹන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අදාල සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රාත්‍රී සාදවල ට සහභාගී වී බීමත්ව සිටි බවට සහ එකිනෙකා අතර ඇති කර ගත් සුළු දබර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ප්‍රකාශ කළ ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රාත්‍රිය පුරාවට පැවැති සාදවලට සහභාගිවී ඇති අයුරු දැක්වෙන ඡායාරුප තමන් වෙත ලැබී ඇති බව ද ප්‍රකාශ කළේය.

Sri Lanka team in New Zealand

” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රාත්‍රී සාදවල ට සහභාගී වීම පමණක් නොවෙයි එකිනෙකා අතර සුළු ගැටුම් පවා ඇති කරගෙන තිබෙනවා. කණ්ඩායම ලංකාවට ආපසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සමඟ කණ්ඩායම හමුවී මේ පිළිබඳව ප්‍රශ්න කරන්න මම බලාපොරොත්තු වෙනවා ” යයි මේ සම්බන්ධයෙන් ‘ගගන’ කළ විමසීමක දී ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

කණ්ඩායමේ විනය පිරිහීම ඉතාමත් ගැටළු සහගත තත්වයක් බවත් එවන්න්නක් ඇතිවීමේ දී කණ්ඩායමේ දක්ෂතා අවම වීම අනිවාර්යයෙන් සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර පමණක් නොව නායකයා සහ පුහුණුකරු අතර ද ගැටුම් ඇතිවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස සහ තරග පහකින් සමන්විතවූ එක්දින තරගාවලියද තරග 3-1 ( එක තරගයක් වර්ෂාව නිසා අතහැර දැමුණි ) ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව පන්දුවාර 20-20 තරග දෙකෙන් ද ලැබුයේ අන්ත පරාජයන් ය.

Related posts

Comments are closed.

Top