‘පිහිනුම් තටාකයක හිටපු ජනපති රන් හැංගූ කතාව හොයන්න’ ASP ලියනගේ IGP ඉලංගකෝන් ට පැමිනිලි කරයි

8141_756762971095605_980264630855451817_n

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු  ඔහුට  වාසය කිරිම සදහා ලබාදිමට බලාපොරෝත්තු වු රාජගිරියේ පිහිටි පීකොක් මන්දිරයේ  රත්‍තරන් සහ මුදල් සම්භාරයක් වලලා ඇති බවට ජනමාධ්‍ය පල කරන තොරතුරු  විභාග කරන ලෙස දිවයිනේ කෝටිපති ව්‍යාපාරිකයකු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

තමන් විසින් හිටපු ජනාධිපතිවරයාට රජයෙන් නිවසක් ලෙබෙන තුරු වසර දෙකක කාලයක් සදහා තාවකාලිකව තෑගි දීමට සැලසුම් කර  තිබූ රාජගිරියේ ‘පීකොක්’ මාලිගාවේ පිහිනුම් තටාකයක පිරවූ වැලි යට පොලිතීන් මලුවල බහා රන් සහ මුදල්  සඟවා ඇතැයි වාර්තා වීම තමන්ගේත්, පවුලේ සාමාජිකයන්ගේත් හිත් තැවුලට හා අපකීර්තියට හේතුවී ඇති වග පොලිස්පතිවරයා ට කළ පැමිනිල්ලේ සඳහන් කළැ’යි ASP සමූහ ව්‍යාපාරයේ අධිපති ඒඑස්පී ලියනගේ ජනවාරි 13 දා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ජ්‍යොතිෂ උපදෙස්

පිහිනුම් තටාකයට වැලි පිරවීම  ජ්‍යොතිර්වේදීන්ගේ හා වාස්තු විද්‍යාඥයන් ගේ උපදෙස් පිලිපැද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද්දේ තමන්ද දැනුවත්ව වුවත්, නොදන්නා වෙලාවක කුමක් සිදු වී දැයි අවබෝධයක් නොමැති බවයි ඒඑස්පී ලියනගේ පැවසුවේ.

එසේ හෙයින්, ජනමාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයා හට යොමු කළ පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

Comments are closed.

Top