සවුදියේ සිරගත පලස්තීන කවියාට මරණ දඬුවම

Ashraf Fayadh
සවුදි අරාබියේ වෙසෙන විප්‍රවාසී පවුලක සාමාජික පලස්තීන ජාතික තරුණ කිවියර අෂ්රෆ් ෆයාද්ට සවුදි අධිකරණය මරණීය දණ්ඩනයට යටත් කිරීමට තින්දු කර ඇත.

සමකාලික සවුදි අරාබි කලාවේ පුරෝගාමියකු හැටියට සැ‍ලකෙන අෂ්රෆ් ෆයාද් හට මෙම දඬුමට ලබා දීමට ප්‍රධාන චෝදනාව වි ඇත්තේ, ඔහු විසින් ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරනු ලැබීමත්, එය අපහාසයට ලක්කිරීමත් ය.

මෙම ප්‍රධාන චෝදනා සමඟ තවත් චෝදනා ගණනාවක් ඔහු වෙත එල්ල වි තිබුණි.

අධිකරණයෙන් වරදකාරියක වූ ස්ත්‍රියක් ඡායාරූපයට නඟා එම ඡායාරූප  තම ජංගම දුරකතනයේ ගබඩා කර තබා ගැනීම හා රටේ ප්‍රති-සයිබර් නීතිය උල්ලංඝනය කිරීම මේ අතරින් ප්‍රධාන වේ.

නමුත් මේ සියලු වරචෝදනා වලට එරෙහිව් ඔහු අභියාචනා කර ඇත.

‘තිගැස්සුනා’

මූලිකවම මෙම නියෝගය දුන් ඉකුත් නොවැම්බර් 17 දා ය. මෙම තීන්දුව ගැන ගත් මොහොතේ  ‘මං ඇත්තටම තිගැස්සුණා, මේ තීන්දුවට. මොකද මරණීය දණ්ඩනයකට යටත් කරන්න තරම් කිසිම දෙයක් මං කරලා නැති හින්දා’ යනුවෙන් කිවියර අෂ්රෆ් පැවසී ය.

එදා පටන් දින 30ක අභියාචනා කාලයක් සැලසුවද, අෂ්රෆ් කවියාට නීතිඥ සහයක් ලබා ගැනීමට අවකාශ ලබා දි නැතැයි සවුදි රෙජීමය ඍජුවම ජාත්‍යන්තරයෙන් චෝදනා ලැබී ය. කවියාගේ මරණ දඬුවම ස්ථිර තින්දුවක් බවට පත් කර ඇත්තේ මෙවන් පසුබිමක් තුළ ය.

 

සවුදි නීතියත් කෙලෙසීමක්

 

‘‘මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ, අෂ්ර්ෆ් ෆයාද්ට නීතීඥයකුගේ සහාය ගැනීමට ඉඩ ලැබුණෙ නෑ. මේක පැහැදිලිවම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් විතරක් නෙවෙයි සවුදි අරාබියේ මූලික නීතිය පවා උල්ලංඝනය කිරීමක්,” යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

මින් පෙර මෙම මරණීය දණ්ඩනයට යටත් කිරීමට සවුදි අධිකරණය නියෝග කළ මොහොතේ ඊට එරෙහිව ලොව පුරා ලේඛක ලේඛිකාවෝ පෙත්සමක් දියත් කළ හ. “ජනතාවට කෙතරම් අප්‍රිය වුවද, අදහසක් දරා සිටීම හෝ එය සාමකාමීව ප්‍රකාශයට පත් කිරීම අපරාධයක් නොවේ,” යි පෙත්සමේ සඳහන් විය. මෙම අසාධාරණ තීන්දුවට එරෙහිව ලොව පුරා විශාල වශයෙන් පෙත්සම් අත්සන් කෙරුණි.

mona kareem 1

තිස්පස් හැවිරිදි අෂ්රෆ් ‘Edge of Arabia‘ නම් ප්‍රකට කලා සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන අතර සවුදි අරාබියේ නූතනවාදී සාහිත්‍ය-කලා ව්‍යාපාරයේ පුරෝගාමියෙකි.

අෂ්රෆ් කවියා නිදහස් කරගැනීමේ ජාත්‍යන්තර ක්‍රියාවලියේ ප්‍රමුඛයකු වශයෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ, විප්‍රවාසීන්ගේ හා සංක්‍රමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් විශාල නීතිමය මැදිහත්විමක් කරන කුවේට් ජාතික මානව හිමිකම් ක්‍රියාකරිකයකුද වන මෝනා කරීම්  මේ සිද්ධිය ගැන මෙසේ පවසා සිටියාය.

පලස්තීන සම්භවය

“අෂ්රෆ් කවියාට නිතිඥවරයකුගේ සේවයවත් ලබා ගැනීමට ඉඩදීලා නෑ. 2014 ජනවාරි මාසෙ ඔහු අත්අඩංගුවට ගත්ත වෙලාවෙ ඔහුගෙ හැඳුනුම්පත පවා රාජසන්තක කළා. මේ නඩුවට අදාලව බලධාරීන් කිව්වෙ මේ නඩුවට අලුතින් චෝදනා ගොනු කරනවා වගේම අලුත් විනිශ්චයකාරයකුත් පත් කරනවා කියලා. නමුත් අලුත් විනිශ්චයකාරයා ඔහුගේ හඬට ඇහුන්කන් දෙන්නෙවත් නැතුවම තීන්දුව ප්‍රකා‍ශයට පත් කළා. මේකයි ඇත්ත තත්වෙ.”යනුවෙනි.

ඇමරිකානු මැදිහත් වීම

මෝනා කරීම්ගේ විග්‍රහය වූයේ අෂ්රෆ් කවියාගේ පලස්තීන සම්භවය ද මෙම තින්දුව කෙරෙහි තදින් බලපා ඇති බවයි. අෂ්රෆ්ගේ පියා සවුදිට පළා ආ පලස්තීන යුද අනාථයකි. පලස්තීන සම්භවයක් තිබුනේ වුව අෂ්රෆ් ෆයාද් ඉපදී ඇත්තේ සවුදි අරාබියේ ය.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ ඇමරිකානු ‘පෙන්‘ සංවිධානය ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා වෙත ලිපියක් ලියමින් ප්‍රකාශ කර සිටියේ, වහාම මේ සඳහා මැදිහත් වන ලෙසටයි. සවුදියේ සල්මාන් රජ්ජුරුවන්ගේ අවධානය මේ සඳහා යොමුකරන ලෙස ‘පෙන්‘ සංවිධානය මේ ලිපියෙන්  ඉල්ලා තිබුණි. නමුත් දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ අමරිකාව, සවුදිය සමඟ පවත්වාගෙන යන සමිප රාජ්‍යතාන්ත්‍රික සබඳතා නිසා අෂ්රෆ් නිදහස් කරගැනීම සඳහා අපේක්ෂා කරන අන්දමේ මැදිහත් වීමක් ඇමරිකාවෙන් සිදු විය නොහැකි බවයි.

 

Related posts

Comments are closed.

Top