
වත්මන් ආණ්ඩුව බලයට පැමිණිමේ දී දුන් ප්‍රධානම ප්‍රතිඥාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම වන නමුත් පසුගිය වසරේ 19 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන බව පැවසුවත් එම බලතල දැනුත් ඒ ආකාරයටම පවතින බවයි කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම යන ප්‍රධාන කාරණා සමග ව්‍යවස්ථාමය සංශෝධන කවලම් කරගත යුතු නැතැයි පවසන මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන මේ ක්‍රියාදාමය අදියර කීපයකින් සිදුවිය යුතු බවයි.
මුල් අදියරේ දි විධායක ක්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිමත් කර පසුව අනිත් වෙනස්කම් සිදු කල යුතු බවටයි ඔහු යෝජනා කර ඇත්තේ.
“1987 දී 13 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරනය පළ කරපු මතය නිසා පළාත් සභා වලට පවරල තියෙන බලතල හමුවේ රටේ ඒකීය භාවය රකින ආයතනය හැටියට ඇතැම් අය විධායක ජනාධිපති ක්‍රමය දකිනවා. ඉතින් මේ ආයතනය අහෝසි කර දැමීම ගැන ඒ අයතුළ බයක් තියෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිවරයාට, කැබිණට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට (ඉන්දීය උත්තර මන්ත්‍රී මණ්ඩලයත් ඇතුලූව) පවරා ඇති බලතල ගැන අපි හොදින් හදාරලා බලන්න ඕන. ඒ බලතල අවශ්‍යනම් වැඩිදුරටත් ශක්තිමත් කොට අපේ පළාත් සභා ක්‍රමයට ආදේශ කරන්න ඕන. අපේ මේ පළාත් සභා ක්‍රමය ඉන්දීයාවේ බලතල බෙදීමේ ක්‍රමය මත පදනම් වෙලා තියෙනවා කිවුවට ඉන්දීයාවේ ඒකීය බව රැකීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ලැබිල තියෙන බලතල සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ ආණ්ඩුවට දහතුන්වන සංශෝධනයෙන් ලැබිල නැහැ. මේ අඩුපාඩු ගැන හොයලා බලන්න ඕනේ,” යි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා තිබේ.පළාත් ඒකාබද්ධ කිරීම
අලූත් ව්‍යවස්ථාවේ බලතල බෙදීම වර්තමානයේ ක්‍රියාත්මක කර තිබෙන 13 වැනි සංශෝධනයේ වගන්ති වලින් ඔබ්බට නොයා යුතු බව පවසන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ පළාත් ඒකාබද්ධ කිරීමත් කිසි ලෙසකින් වත් සිදු නොවිය යුතු බවයි.ඒමෙන්ම බලතල බෙදිමේ දී පළාත් පාලන ආයතන වැනි බිම් මට්ටමේ ආයතන හැකිතාක් දුරට බලාත්මක කළ යුතු බවට ඔහු යෝජනා කර තිබේ. ඒ ඒ ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට සැබෑ බලයක් ලැබෙන්නෙ ගම් මට්ටමට බලය බෙදුනොත් පමණක් බව සදහන් කරන කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා අලූත් ව්‍යවස්ථාව සෑදිමේදි ඒ සම්බන්ධයෙන්ද සලකා බැලිය යුතු බව පවසයි.
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අදියර කීපයකට කඩන අතරම ඒ එක් එක් අදියර සම්බන්ධයෙන් අවශ්‍ය කෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසන්න ඉඩ ඉතුරු කිරීමට අවශ්‍ය බවයි මහින්ද රාජපක්ෂ පවසන්නේ.නව ව්‍යවස්ථාව අදියරෙන් අදියර සම්මත කර ගන්නා විට අදාල කෙටුම්පත් වර්තමාන ව්‍යවස්ථාවේ වගන්ති ප්‍රකාරව ‘ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා කෙටුම්පතක්’ හැටියට පමණක් කැබිනට් මණ්ඩලය විසින් නම් කල යුතු යැයි ඔහු යෝජනා කර සිටි.
කෙටුම්පතක් නම් කරනු ලැබීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලිමට ඉඩ ඉතුරු වන බව පවසන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ රටේ ඒකීය භාවය ගැන සැලකිළිමත් වන ජනාතාවට ඒය ලොකු අස්වැසිල්ලක් වන බවයි.
අලූත් ව්‍යවස්ථාව සම්පාදනය කිරිමෙන් පසු ඒ යටතේ අලූත් ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා ඡන්දයක් පැවැත්වීම සුදුසු බවටයි මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් යෝජනා කර ඇත්තේ.