නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට රජයට දැනටමත් තුනෙන් දෙකක බලයක් ති‍යෙනවා – සජිත් පේ‍්‍රමදාස

maxresdefault

රටට නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සදහා පවතින රජයට දැනටමත් තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා පවසයි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඒ බව පැවසුයේ පසුගියදා හම්බන්තොට සුචී  ගම්මානයේ පැවැති විශේෂ ජන හමුවකට සහභාගී වෙමින් බවයි රජය පවසන්නේ.

යහපාලන රජය අන්තවාදයට, ජාතිවාදයට, ආගම්වාදයට රාජ්‍ය රැකවරණය ලබා නොදුන් බවත් ඉදිරියට ලබා නොදෙන බවත් පවසා ඇති අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජාති , ආගම්, කුල භේදය දුරලා සැමට සමානව ජීවත්විය හැකි රටක් මේ වන විට ගොඩනඟා තිබෙන බව ද  එහිදි පවසා තිබේ.

මේ වන විට සහජීවනය, සහෝදරත්වය, ජාතීන් අතර සංහිදියාව රටතුළ නිර්මාණය වෙමින් පවතින බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

’18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්‍‍‍තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තාන්න මාන්න, වරදාන වරාප‍්‍රසාද ලබාදී ඔවුන්ගේ ඡන්දය කොල්ල කෑ‍මෙනි. අපේ රජය නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මන්ත‍්‍රීවරුන් දිනාගැනීම සඳහා වරදාන, වරප‍්‍රසාද ලබාදීමේ සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්‍නේ නැහැ. නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සදහා දැනටමත් අපට තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙනවා.’ ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ලබාගැනීමෙන් අනතුරුව ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ කැමැත්ත ද විමසා බලන බව ද  ඔහු එහිදි පවසා තිබේ.

Related posts

Comments are closed.

Top