රජයේ සියලුම උත්සව වර්ජනය කරනවා- ඒකාබද්ධ විපක්ෂය

Dinesh

ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් රජයේ සියලුම උත්සව වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.

අද(01) කොළඔදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

පවතින ආණුඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට මෙන්ම විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වය අඩපන කර දේශපාලන සිරකරුවන් නිර්මාණය කිරීමට නිරන්තර උත්සහ දරන බව හෙතෙම ප්‍රකාශකර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් ලිපියක් ලැබුණද යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට එසේ නීතිපතිවරයාගෙන් ලිපියක් නොලැබුණ බවයි.

මෙසේ දෙදෙනෙකුට දෙවිදිහකට සැලකීම කිසිසේත් අනුමත නොකරන බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

Related posts

Comments are closed.

Top