ජාතික ගිය වෙනස් භාෂාවකින් ගැයුවොත් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකියි -ගම්මන්පිල

gammanpila-war-gagana

මෙවර නිදහස් උළෙලේදී ජාතික ගීය ද්‍රවිඩ භා‍ෂාවෙන් ගායනා කිරීමට තීරණය කර තිබීම ව්‍යවස්ථා විරෝධී බවත් එය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට හැකියාවක් පවතින ක්‍රියාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අඟහරුවාදා (02) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය ‘ශ්‍රි ලංකා මාතා’බවත්, එය වෙනස් කල හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් බවද ඔහු සඳහන් කළේය.

1987 න් පසුව ඊට ද්‍රවිඩ භාෂා අනුවාදයක් එක්වූ බවත් එසේ අනුවාදයක්තිබීම ගැටලුවක් නොවුනද එය ජාතික ගීයක් ලෙසින් ගයනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් බව ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා පෙන්වා දුන්නේය

“දෙමළ අනුවාදනයක්‌ පැවතීමට අපි විරුද්ධ නෑ. ප්‍රාදේශීය උත්සව වලදී, පාසල් වලදී, දෙමළ දරුවන් දෙමළෙන් ගීතය ගායනා කීරීමට අපි විරුද්ධ නෑ. ඒ අයට එකේ අගය දැනෙන්න දෙමළෙන් කියන්න ඕනේ. නමුත් එය නිල ජාතික ගීතය නෙවෙයි. තමන්ට තේරෙන භාෂාවට පරිවර්තනය කරලා තේරුම් ගත්තාට කමක්‌ නෑ. රාජ්‍ය නිල උත්සව වල තිබිය යුත්තේ එක ජාතික ගීයයි ” මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය

හිටපු ජනපතිගේ විරෝධය

නිදහස් උළෙලේදී ජාතික ගීය ද්‍රවිඩ භා‍ෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සිය අප්‍රසාදය පල කර සිටි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ බහු භාෂා පරිහරණය කරන ඉන්දියාවේ පවා ජාතික ගීතය ගායනා කරන්නේ එක භාෂාවකින් බවත් ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාව අනුමත කළ නොහැකි බවයි.

” තමිල්නාඩුවේත් දෙමලෙන් ඉන්දීය ජාතික ගීතය ගායනා කරන්නේ නැහැ. මෙහෙම ගියොත් ශ්‍රී ලංකා ජාතික ගීතය වෙනත් භාෂා වලිනුත් ගයන්න කියල කියන ඉල්ලීම් ද ඉටු කරන්න වේවි ” හිටපු ජනාධිපතිවරයා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අඟහරුවාදා (02) පැවති ආගමික උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුවයි

Related posts

Comments are closed.

Top