‘යුද අපරාධ විභාග කරන්න එපා’ මහින්දගෙන් පෙත්සමක්| VIDEO

 

P1120643

යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එරෙහි පෙත්සමකට අත්සන් තැබීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන්  සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටිය දී හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබේ.

‘ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය එපා – රණවිරු දඩයම නවතනු’ යන මැයෙන් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කළ මහජන පෙත්සමට අත්සන් ලබාගැනීම අද 08 සඳුදා කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී ආරම්භ කර ඇති අතර එම පෙත්සමට පළමු අත්සන තබා ඇත්තේ හිටපු සේනාධිනායක මහින්ද රාජපක්ෂය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජි.එල් පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ  ඇතුළු  පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකාවේ රජය උතුරු නැගෙනහිර දියත් කළ යුද්ධයේ සිදුවූ ජාත්‍යන්තර පරිමාණ අපරාධ සම්බන්ධයෙන් විදෙස් විනිසුරුවන් හවුල් කරගත් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ‍රජය ඉකුත් ඔක්තෝබරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී එකඟ විය.

එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවල දැක්වෙන පරිදි 40000ටත් 70000ටත් අතර පිරිසක් යුද්ධයේදී මරා දමා තිබේ.

Related posts

Comments are closed.

Top