මැතිසබේ නොයවා ‘හිටපු හමුදාපති ට එරෙහිව යුද අපරාධ විභාග පවත්වන්න’

Fonseka Ranil 2016

මානව හිමිකම් උල්ලංඝන චෝදනා වලට මුහුණ පා සිටින යුද හමුදාවක් මෙහෙයවූ හිටපු හමුදාපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ධුරයකට හා රටේ ඉහලම හමුදා නිලයට පත් කිරීම දැඩිසේ හෙලා දකින ජගත් මානව හිමිකම් සංවිධානයක් පවසන්නේ එමගින් වර්තමාන ආණ්ඩුව පොරොන්දු කඩ කොට ඇති බවයි.

යුද අපරාධ චෝදනා විභාග කරන බවට පොරොන්දු වූ රජය විසින් කළ යුතුව ඇත්තේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයකු හා ෆීල්ඩ් මාෂල් වරයකු ලෙස උසස්වීම් ලබා දීම නොව ඔහු පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම බවයි හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පවසන්නේ.

ජනපති සහතිකය

පාලක හවුල් සභාගයේ මන්ත්‍රීවරයකු ලෙස සරත් ෆොන්සේකා දිව්රුම් දුන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට කැපවෙන බවට කොළඹදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් හමුවේ සහතික වූ පෙබරවාරි 9 දා ම බව එයින් දෙදිනකට පසු නිකුත් කරන නිවේදනයක් මගින් HRW සිහිපත් කර දෙයි.

කෙසේ වෙතත්, අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන පක්ෂයෙන් හිටපු යුද ප්‍රධානියා පත් කිරීම මගින්  “සිවිල් යුද්ධය සමයේ පෘථුල වශයෙන් සිදුකෙරුනු අපයෝජන සම්බන්ධයෙන් සැක කෙරෙන ජ්‍යෙෂ්ට හමුදා නායකයන් රජය විසින් ආරක්ෂා කෙරෙනු ඇතැ,” යි යන පණිවුඩය ලබා දෙන බවට HRW චෝදනා නගා තිබේ.

68804137-4978-4d60-8c4b-5485beeb2007

යුද සෙන්පතියන් රැකීම

මුලතිව් දිස්ත්‍රික්කයේ පටු බිම් තීරයක සාමාන්‍ය වැසියන් සහ රෝහල් මත්තේ රජයේ හමුදා යුද්ධයේ අවසන් දින කීපයේ හිතුමතේ ෂෙල් වෙඩි හෙලූ බවට විස්තර තමන් සතුව ඇතැයි පවසන HRW, ඒ කලාපයේ යොදවා සිටි 57 වැනි බලකාය මෙහෙයවූ මේජර් ජනරාල් ජගත් ඩයස් 2015 මැයි මාසයේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ඔසවා තැබීම යුද අපරාධ වලට නම් පැටලී ඇති සෙන්පතියන් සම්බන්ධයෙන්  රජයේ පිළිවෙතට උදාහරණයක් ලෙස දක්වයි.

උතුරේ දියත් කළ යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද අපරාධ පිලිබඳ විශ්වසනීය සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමට එකඟතාව පල කොට ඇති හිටපු හමුදාපතිවරයා  යුද මුක්ත කලාපයක් ලෙසින් රජය නම් කළ කලාපයකට බර අවියෙන් පහර දුන් බවත් එම ප්‍රහාරයට අඩුම වශයීන් එක් රෝහලක් ගොදුරු වූ බවත් ගගන සහෝදර නාලිකාව IBC තමිල් රුපවාහිනිය සමග පැවති සාකච්ඡාවකදී  පිළිගෙන තිබේ.

HRW නොයෝජිතයන් කොළඹදී ආරක්ෂක ලේකම් හමුවී

HRW නොයෝජිතයන් කොළඹදී ආරක්ෂක ලේකම් හමුවී

අඩුම වශයෙන් හතලිස් දහසක් සාමාන්‍ය වැසියන් මියගිය වගට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති යුද්ධයට අණ දුන් සෙන්පතියන් කිහිප දෙනකුම ඉල්ලා ඇති සේවා දිගු ලබා දෙන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබුණි.

“ෆොන්සේකා පත් කිරීම මේ රජය යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරනු ඇති බවට විශ්වාස කළ පීඩිතයන්ගේ සහ ඔවුන්ගේ නෑසියන්ගේ විශ්වාසය පළුදු කිරීමකැ,” යි ද HRW ආසියා කලාපීය අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් වැඩි දුරටත් පවසා තිබේ.

 

Related posts

Comments are closed.

Top