අලි හොරුන් අත්අඩංගුවට ගැනීම මගහරින බවට පොලීසියට චෝදනා

Uduwe-Dammaloka-your-gossip-02

පොල්හේන්ගොඩ සිරි ඇලන් මැතිනියාරාමයේ බලපත්‍ර රහිතව  රදවා ගෙන සිටි අලි පැටවාගේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් පැහැදිලි නියෝගයක් ලබා දී ඇතත් පොලිස් දෙපාර්තමේන්තුව එම කාර්ය පැහැදිලි ලෙසම මගහරිමින් සිටින බවට දුෂණ විරෝධි පෙරමුණ චෝදනා කරයි.

මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවට ඉහල දේශපාලන නායකත්වයෙන් දුරකථන ඇමතුම් නොලැබෙන බවට විශ්වාස කලත් පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එක් එක් ස්ථානවලදී අනුගමනය කරනු ලබන්නේ වෙනස් වු ස්ථාවරයන් බව දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් පවසා සිටියේ 24 බ්‍රහස්පතින්දා කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

නීති විරෝධී අයුරින් අලි පැටවකු රදවා තබාගැනීමට චෝදනා ලැබ සිටින පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට තව කොතෙක් දුරටත් එම චෝදනාවෙන්  බේරි ඉන්නට ජනාධිපතිවරයා හා පරිසර ඇමැතිවරයා ඉඩ දෙනවාද යන්න ඔහු ප්‍රශ්න  කරයි.

අනීතික යුගය අවසන් කළ යුතුව තිබෙන බැවින් රටේ දේශපාලනඥයන්ට ඉහලින් පොලිසිය ඇති බවට විශ්වාසයක් රට තුලට ගෙන යාමට නම් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් වහාම අත් අඩංගුවට ගත යුතු අතර ඒ සදහා පොලිස්පතිවරයා පැහැදිලි ලෙසම  ක්‍රියාත්මක විය යුතුව තිබෙන බවයි කීර්ති තෙන්නකෝන් පවසා සිටියේ.

මාධ්‍ය හමුව සදහා දුෂණ විරෝධි පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි, නීතිඥ නාමල් රාජපක්ෂ සහ පරිසරවේදී තිලක් කාරියවසම් ද එක්ව සිටියේය.

Related posts

Comments are closed.

Top