එෆ් සි අයි ඩී ගැන ඉදිරියේදී තීරණයක් ගන්නවා – ඒ.ජ.නි.ස ලේකම්

mahinda Amaraweera

පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකය තවදුරටත් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව පුළුල් සමාලෝචනයකින් පසු තීන්දුවක්‌ ගන්නා බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ  මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී 10 බ්‍රහස්පතින්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යි.

මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකය හරහා ඇතැම් අනවශ්‍ය කාරණාවලට ප්‍රශ්න කිරීම් සිදුවන බව පෙනෙන්නට තිබෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

“පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකය ගැන අපේ විවිධ මත ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ ගැන අවසාන එකඟතාවකට ඉදිරියේදී එනවා. එය පවත්වාගෙන යා යුතු ද, සොයාගත් කරුණු වෙනත් මාර්ගවලින් ක්‍රියාත්මක විය යුතු ද කියා අපේ පක්‍ෂය තුළ සාකච්ඡා ආරම්භ වෙලා තිබෙනවා. ” යැ යිද සන්ධාන ලේකම්වරයා පැවසීය.

Related posts

Comments are closed.

Top