ඉන්දීය ධීවරයන් විසිතුන් දෙනෙකු අත්අඩංගුවට

Sri-Lanka-Navy-23-Indian-Fishermen

මන්නාරම වැලිපාර මුහුදේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයන් විසිතුන් දෙනෙකු නාවික හමුදාව විසින් 12 සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයන් සතුව තිබු ධීවර යාත්‍රා 03ක් සහ දැල් ආම්පන්න ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික ධීවරයන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි ගගන මන්නාරම වාර්තාකරු පවසන්නේ.

Related posts

Comments are closed.

Top