ගෝඨාභයට නොතිසි

Mahinda and Gota

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු විමසීමට පත්කොට ඇති විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව මැයි මස 3 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ අරමුණින් කොළඹ – පිත්තල හන්දියේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පස්දෙනෙකුට එරෙහිව නඩුවක් පවරා ඇති අතර ඊට අදාළව පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

Related posts

Comments are closed.

Top