ඉහළම සැමරුම අතුරුදහන්වීම් අතුරුදහන් කිරීමයි| PHOTO

_DSC5558

අතුරුදහන්වුවන් වෙනුවෙන් ඉදිකළ හැකි ඉහලම ස්මාරකය අතුරුදහන්වීම් අතුරුදහන්කිරීම බව රජයේ සංහිදියා යාන්ත්‍රණ සමීබන්ධීකරණය සදහා වු කාර්යාංශයේ ප්‍රධානී පවසයි.

මනෝරි මුත්තෙට්ටුවේගම විසින් ඒ බව පවසා ඇත්තේ අතුරුදහන් කරවීම අතුරුදහන් කරවමු‘, ‘ආණ්ඩුවේ ජිනීවා පොරොන්දු ඉටුකරවා ගනීමුයන මැයෙන් 30 බදාදා අක්කරේපත්තු නගර ශාලාවේ පැවති මහජන රැළියක් අමතමිනි.

යුද සමයේදීත් ඉන් පසුවත් අතුරුදහන් වු පුද්ගලයන්ගේ පවුල් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති එම රැළිය සංවිධානය කර ඇත්තේ මානව හිමිකම් ක්‍රියාකාරී බ්‍රිටෝ ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවවිසිනි.

අම්පාර අක්කරේපත්තු සාගමම් පාරේ සිට අම්පාර ප්‍රධාන වීදිය ඔස්සේ පොතුවිල් යාබද මාර්ගය හරහා නගරයේ පිහිටි ඔරලෝසු කනුව දක්වා අද උදෑසන පාගමනින් පැමිණි අතුරුදහන්වුවන්ගේ සමීපතමයන් එම ස්ථානයේ විරෝධතාවක්ද පවත්වා අනතුරුව කල්මුනේ ප්‍රධාන මාර්ගය ඔස්සේ නගර ශාලාව වෙත පැමිණි බවයි මානව හිමිකම් ක්‍රියාකරුවකු වන ප්‍රසංග ප්‍රනාන්දු ගගන හා කියා සිටියේ.

Disappearance
Disappearance 3
Disappearance 11
Disappearance 2
Disappearance 9
Disappearance 10
Disappearance 8
Disappearance 7
Disappearance 6
Disappearance 11
Disappearance 5
Disappearance 4

සේයා:ප්‍රසංග ප්‍රනාන්දු

මහා පොළොවේ කොතැනක හෝ

විරෝධතාවයේ නිරත වු අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන් ඉල්ලා  ඇත්තේ  ‘මේ පොලොවේ කොහේ හෝ සිටිනා අපේ ඥාතීන්’ සොයා දෙන ලෙසයි.

අතුරුදහන් වු තම නැසියන් වෙනුවෙන් රජයෙන්  වන්දි අවශ්‍ය නොමැති බවට ප්‍රකාශ කර ඇති ඔවුන් අවධාරණය කර ඇත්තේ අතුරුදහන්වුවන් වෙනුවෙන් මරණ සහතිකද අනවශ්‍ය බවයි.

එහිදී ඔවුන් රජයට දැඩිව අවධාරණය කර ඇත්තේ පසුගිය වසරේදී සම්මත වු ජීනීවා යෝජනාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ වන විට අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රධාන රැස්වීම පැවැත්වෙන අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර,ජාතික සංවාද පිළිබද අමාත්‍යෙ මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් ඇතුලු පිරිසක් එයට සහභාගී වී සිටින බවයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව පවසන්නේ.

Related posts

Comments are closed.

Top