වකුගඩු ජාවාරමකට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉන්දීය ජාතිකයන් 8 දෙනාගෙන් සැකකරුවන් 6 දෙනකු මෙරටදී වකුගඩු පරිත්‍යාග කර ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥයා කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට දැනුම් දී තිබේ.
නඩුව 04 සදුදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ සැක කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්ෂාන් ඩයස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත ඒ බව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව පුද්ගලික රෝහලකදී වකුගඩු පරිත්‍යාගය සිදු කර ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂගෙන් අනුමැතිය ලබා ගෙන ඇති බවයි නීතිඥ ලක්ෂාන් ඩයස් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ.
සැකකරුවන් සතුව තිබී අත් අඩංගුවට ගත් සැක කටයුතු ලේඛන පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සැකකරුවන් ලබන 18 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.