‘‘තොරතුරු දැනගැනීමේ අයිතිය කුමටද? කා සඳහාද?’’ මහජන සංවාද සභාව මෙවර පොළොන්නරුවට

RTI _SL_RG

‘‘තොරතුරු දැනගැනීමේ අයිතිය කුමටද? කා සඳහාද?’’ මැයෙන් යුත් මහජන සංවාද සභාව මෙම අප්‍රේල් 30වැනිදා පෙරවරු 9.30ට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථාකාචාරය ආචාර්ය මහීම් මෙන්ඩිස්, පේරාදෙණිය විශ්ව විද්‍යගයේ ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය ආචාර්ය කල්ප රාජපක්ෂ, රාවය ප්‍රවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරක හා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මෙහි දෙසුම් පවත්වති.

පොළොන්නරුවේදී පැවැත්වෙන්නේ, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මහජනතාව තුළ නිවැරදි මතයක් ගොඩනංවීම වෙනුවෙන්  පවත්වාගෙන යනු ලබන සංවාද සභා මාලාවේ හතරවැනි සම්මන්ත‍්‍රණය යි. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මඟ පෙන්වීම අනුව ගොඩනඟනු ලබන ‘පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගම් ’ විසින් මෙම සංවාද සභාව සංවිධානය කරනු ලබයි. ඒ අනුව මෙවර පොලොන්නරුව සම්මන්ත‍්‍රණය සංවිධානය කරනුයේ උතුරු මැද පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.

මේ සම්මන්ත‍්‍රණයට පෙර දකුණු පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මාතර නගරයේදී මෙවැනිම සංවාද සභාවක් පැවත්වුණු අතර රුහුණ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපාලි පන්නිල, නීතිඥ ලක්ෂාන් ඩයස් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ එහි දේශකයෝ වූහ.

එලෙසින්ම උතුරු පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පිහිටුවා එහි මුල්ම කී‍්‍රයකාරකම ලෙස මෙවැනිම සංවාද සභාවක් කිලිනොච්චිය නගරයේ පැවැති අතර යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්, යාපනය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී කොෂලී මනෝහරන් හා නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ, ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය එස්. රගුරාම් දේශකයෝ ලෙස සම්බන්ධ වූහ.

තෙවැනි සම්මන්ත‍්‍රණය මධ්‍යම පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මහනුවර නගරයේ පැවැත්වුණු අතර දේශන පවත්වන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලියනගේ අමරකීර්ති හා ලසන්ත රුහුණගේ විසිනි.

මෙම වැඩසටහන මැණික් මෙන්ඩිස් මූලිකත්වය දරන ‘රෙයින්බෝ රිසෝසස්’ ආයතනය විසින් සම්බන්ධිකරනය කරනු ලබයි.

Related posts

Comments are closed.

Top