බංග්ලාදේශ ක්‍රියාධරයාගේ ඝාතනයේ වගකීම ඉස්ලාමීය සංවිධානයක් භාරගනී

xulhaz mannan

බංග්ලාදේශයේ එකම සමලිංගික සඟරාව පල කළ මුල් පෙලේ ක්‍රියාධරයකු ඝාතනය කිරීමේ වගකීම තමන් භාර ගන්නා බව අල් කයිඩා සංවිධානයට අනුබද්ධ එරට සටන්කාමී කණ්ඩායමක් වන අන්සාර් අල් ඉස්ලාම් සංවිධානය පවසයි.

සමලිංගික, බහු ලිංගික සහ  සංක්‍රාන්ති ලිංගික (LGBT) ප්‍රජාව වෙනුවෙන් පල කෙරුණු රූප්බාන් සඟරාවේ සංස්කාරක ජුල්හාස් මන්නන් සහ ඔහුගේ මිතුරු රංගන ශිල්පී ටනේ මජුම්දාර් සඳුදා කපා කොටා මරා දමා තිබුනේ ඩකා අගනුවරදීය.

ඉකුත් සති අන්තයේ බටහිර බංග්ලාදේශයේ රාජ්ශාහි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය ඒ එෆ් එම් රෙසෞල් කරීම් සිද්දික් ද කපා කොටා මරා දමා තිබුනි.

ඔහු ගේ ඝාතනයේ වගකීම භාරගන්නා ලද්දේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසිනි.

ඝාතන සම්බන්ධයෙන් අගමැතිනි ෂේක් හසීනා එල්ල කළ චෝදනා විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

2013 සිට මේ දක්වා මහාචාර්යවරුන්, අනාගමික ලේඛකයන් සහ බ්ලොග්කරුවන්, විදේශිකයන් හා ඉස්ලාමීය නොවන ආගම් වල සාමාජිකයන්  විසි දෙනකු වත් බංග්ලාදේශයේ ඝාතයට ලක්ව තිබේ.

ඒ පිලිබඳ චෝදනා එල්ල වී ඇත්තේ ඉස්ලාමීය සටන්කාමීන්ටය.

Related posts

Comments are closed.

Top