විපක්ෂ නායක හමුදා කඳවුරකට ඇතුළුවීම: සත්‍යග්‍රහයක් සහ අගමැතිට පැමිණිල්ලක්  

ca731583e9331c433dbdceb9ec050703_L

යුද හමුදා කදවුරකට බලෙන් ඇතුල් වු බවට විපක්ෂ නායකයාට චෝදනා කරන සංවිධාන කිහිපයක් ඔහු ඇතුළු පිරිසක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බලකරමින්  කොළඔ උද්ඝෝෂණයක් පවත්වද්දී දෙමළ ජනතාව සතු ඉඩම් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටීමට විරුද්ධව විපක්ෂ නායක ආර් සම්බන්ධන් අගමැතිවරයාට පැමිණිලි කොට ඇත.

විපක්ෂ නායකයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන්  විමර්ශනය කොට වාර්තාවක් ලබා ගැනීමට පියවර ගන්නා වගට  අගමැති රනිල් වික්‍රමසිංහ සහතික වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී 27 බදාදා පෙරවරුවේ පැයකට පමණ ආසන්න කාලයක් පැවති සත්‍යග්‍රහයට නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ, ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි සමග මව් බිම වෙනුවෙන් රණ විරුවෝ නැමැති සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න ඇතුළු පිරිසක්  එක්ව තිබේ.

පොලිස්පතිට අභියෝගයක්

කිලිනොච්චි ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, විපක්ෂ නායක රාජවරෝධයම් සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී ධරන් ඇතුලු 50 දෙනකු බලෙන් ඇතුල් වු කී මව් බිම වෙනුවෙන් රණ විරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න රජයට බල කර සිටියේ  ඒ හැම දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

විපක්ෂ නායකයා  අත්අඩංගුවට ගෙන තම අවංක භාවය රටට පෙන්වන ලෙස අලුත් පොලිස්පති පුජිත ජයසුන්දරට නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර එහිදී අභියෝග කර සිටියේ ය.

bandara

යුද හමුදාවේ බලහත්කාරය

විරෝධතාවයෙන් පසුව විපක්ෂ නායක කාර්යාලයේදී ඒ සම්බන්ධයෙන්  විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායකවරයා ගොස් තිබුණේ හමුදා කඳවුරකට නොව දෙමළ ජනතාවගේ නිවාස පිහිටි භුමිය යුද හමුදාව විසින් බලහත්කාරයෙන් සහ නීති විරෝධී ලෙසින් අත් කරගෙන සිටින පරවිපාන්ජාන් ප්‍රදේශයට බවයි.

විපක්ෂ නායකවරයාට එහි ඇතුළු වීම සඳහා  හමුදා නිලධාරීන් විසින් මාර්ග බාධකය විවෘත කළ බවත් ඔහු සමග ගිය දෙමළ ජනයා එම භුමියේ තිබෙන තමන්ට අයිති නිවාස පෙන්වා දුන්  බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

ජනතාවට අයත් ඉඩම් හා නිවාස බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් නීති විරෝධී ලෙස කටයුතු කර ඇත්තේ යුද හමුදාව මිස විපක්ෂ නායකයා නොවන බවයි නීතිඥයකුද වන එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද දැනුවත් කළ බවයි  ඔහු වැඩි දුරටත් මාධ්‍යෙවිදීන් හමුවේ පවසා සිටියේ.

අගමැතිවරයා හා විපක්ෂ නායකයා අතර අරලිය ගහ මැදුරේ පැවති විශේෂ හමුවකදී යුද හමුදාවේ බලහත්කාරය ගැන පැමිණිල්ලක්  ඉදිරිපත් කරන ලද  බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේය.

Related posts

Comments are closed.

Top