හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරුයි – හමුදා මාධ්‍ය ප්‍රකාශක

jayanath jayaweera

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි හමුදා සාමාජිකයන් ඉවත් කළත් ඔහුගේ ආරක්ෂාවට ගැටලුවක් නැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවනු ලැබුවේ ආරක්ෂක මණ්ඩලය ගත් තීරණයකට අනුව බවද හෙතෙම පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට අනුයුක්ත කළ සෑම සාමාජිකයෙකුම විශේෂ පුහුණුවක් ලත් අය බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ එල් ටී ටී ඊ සංවිධානයේ මරණිය තර්ජන තව දුරටත් පැවතීම නිසා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම රජය බැඳී සිටින බවයි .

හිටපු ජනාධිපතිවරයාගේ ජිවිතයට යම් අනතුරක් සිදු වුවහොත් රජය ඊට වගකිව යුතු බවද ඔවුහු අවධාරණය කරති.

රටපුරා උද්ඝෝෂණ මාලාවක්

එසේම හිටපු  ජනාධිපති මහින්ද රාපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට විරෝධය පළකරමින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්විමට ඒකාබද්ධ විපක්ෂය තීරණයකර තිබේ.

එහි කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම නිසා ඔහුගේ ජීවිතය අනතුරේ හෙළා ඇති බවත්, මේ නිසා රටපුරා සිටින ජනතාව සමග එක්ව සෑම දිස්ත්‍රික්කයකම ආසන මට්ටටින් විරෝධය පළකරන බවත්ය.

 

Related posts

Comments are closed.

Top