‘සුදු වෑන්’ පැහැරගැනීම් එපා – මඩකලපුවේ විරෝධතා | PHOTO

 

download

සුදු වෑන් යොදාගෙන පුද්ගලයන් පැහැරගෙන යෑම දිගටම සිදුවීමට එරෙහිව මඩකලපුව නගරයේදී මානව හිමිකම් සංවිධානයක් විසින් නිහඩ විරෝධතාවක් පවත්වා තිබේ.

මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙලස විරෝධතා වයාපාර දියත් කර ඇත්තේ ‘අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව’ විසිනි.

මඩකලපුව නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත හා දිස්ත්‍රික් ලේකම්වරිය වෙත යොමු කරන ලද සංදේශද ඔවුන්ගේ නියෝජිතයන් විසින්  විරෝධතාවයෙන් අනතුරුව භාර ගන්නා ලද බවයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ ප්‍රකාශිකාවක් ගගන හා කියා සිටියේ.

 

IMG_0052
IMG_0055
IMG_0060
IMG_0064
IMG_0065
IMG_0066
IMG_0067

 

එම සන්දේශය මගින් මඩකලපුව නියෝජ්‍ය පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා ඇත්තේ දිස්ත්‍රික්කය තුළ සුදු වෑන් මගින් සිදුවන පුද්ගල පැහැරගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසයි.

එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරිය වෙතින් ඉල්ලා සිටියේ ප්‍රදේශයේ එවැනි සිදුවීම් වීමට  ඉඩ නොතබන ලෙස බවයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ගගන හා කියා සිටියේ.‍

සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැරගෙන යෑමට එරෙහිව අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දී  05 බ්‍රහස්පතින්දා දිනද ‘අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව’ විසින් නිහඬ විරෝධතාවක් පවත්වා තිබු අතර එයට බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුලු පිරිසක් කඩා වැදී පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය තිබුණි.

 

Related posts

Comments are closed.

Top