හිටපු ජනපති දෙපුතුන් සම්බන්ධයෙන් නැවතත් මූල්‍ය වංචා විමර්ශන| VIDEO

a7b08b91-d85d-4e0d-bf1f-17b906de16a1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩි මහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවටත් ඔහුගේ සොහොයුරු යෝෂිත රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙතත් කැඳවා තිබේ.

තමා අද දිනයේ කැදවා තිබුනේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) නාලිකාව සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සම්බන්ධයෙන් බවත් හෙට දිනයේත් ප්‍රශ්න කිරීම් සදහා එන ලෙස දැන් වු බවත් යෝෂිත රාජපක්ෂ මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේය.

සී.එස්.එන්. රුපවාහිනි නාලිකාව වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම මෙන්ම පවත්වාගෙන යෑම ඇතුලු චෝදනා යටතේ සිරගත කොට සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව් දෙනකු දැනට සිටින්නේ ඇප පිට නිදහස ලබාය.

මැතිවරණ සමයේ ගුවන් ගමන්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද 10 අඟහරුවාදා දින බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ නිර්නාමික  පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සදහා අද දිනයේ තමා කැඳවා තිබු බවයි.

එය අභ්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් වන විමර්ශනයක් බව පැවසු ඔහු සඳහන් කර සිටියේ එය මැතිවරණ සමයේ සිදුකළ ගුවන් ගමන් සම්බන්ධයෙන් වන බවයි.

මේ වන විට රටේ පාතාලය හිස ඔසවා ඇති බවටත් ජාතික ආරක්ෂාව පිළිබදව ගැටලුවක් පවතින බවටත් සදහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී රජයට චෝදනා කර සිටියේ  ඒ සියලු ප්‍රශ්න හමුවේ ඒවාට විසදුම් සොයනවා වෙනුවට රජය විසින් සිදු කරනු ලබන්නේ මැතිවරණ සමයේ හෙලිකොප්ටර් භාවිත කළ හා ඒවායේ බිල් ගෙවු ආකාරය සම්බන්ධයෙන් සෙවීම බවයි.

Related posts

Comments are closed.

Top