බැසිල් රාජපක්ෂට ඇප, විදෙස් ගමන් තහනම්

Basil-Rajapaksa

පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂඅප දී නිදහස් කොට යවා තිබේ.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු ඇමතිවරයා රුපියල් 50000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප තුනක් මත මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා නියෝග කළාය.

හිටපු ජනාධිපති සොයුරාගේ විදෙස් ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙසත්  ඔහුට නියෝග කොට තිබේ.

මාතර නගරය ආසන්නයේ සිදු කර ඇති බවට චෝදනා කෙරෙන අයථා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් 12 බ්‍රහස්පතින්දා පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය වෙත  පැමිණි අවස්ථාවේදී  මුදල් විශුද්ධිකරණ පනත යටතේ  බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගන්නා ලදී.

Related posts

Comments are closed.

Top