දෙමළ වර්ග සංහාර අනුස්මරණ සතිය ඇරඹේ | PHOTO

 

CiPHjomVAAA1qFF

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව වෙනුවෙන් අද සිට සත් දිනක්  ‘දෙමළ වර්ග සංහාර සතිය’ ලෙස නම් කරමින් අනුස්මරණ කටයුතු සිදු කරන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.

එහි පළමු පියවර වශයෙන් 12 බ්‍රහස්පතින්දා උදෑසන යාපනයේ චෙමිමනි සුසාන භුමියේදී පහන් දල්වා මිය ගිය දෙමළ ජනතාව අනුස්මරණය කළ බවයි  එම්.කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා  ගගන හා කියා සිටියේ.

12 බ්‍රහස්පතින්දා සිට 18 බ්‍රහස්පතින්දා දක්වා උතුරු පළාතේ විවිධ ස්ථාන වලදී මේ අයුරින් අනුස්මරණ සිදු කෙරෙන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

 

download (1)
download (2)
download (3)
download

 

යුද්ධය හේතුවෙන් මියගිය සියලු දෙමළ ජනතාව අනුස්මරණය කිරීමේ මුල්ලිවයික්කාල්  දිනය දෙමළ ජාතික සන්ධානයේ හා උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්  මැයි 18 දින සවස හතරට මුලතිව්  මුල්ලිවයික්කාල් හිදී සිදු කිරීමට නියමිත බවයි ඔහු පවසන්නේ.

උතුරු නැගෙනහිර දියත් කෙරුණු යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව හතලිස් දහසත්, හැත්තෑ දහසත් අතර වෙතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා තිබේ.

Related posts

Comments are closed.

Top