රජය ‘යුද්ධයෙන් මියගිය පොදු ජනතාව සමරන්නේ නෑ’

Vanni war dead

 

යුද්ධයෙන් මියගිය උතුරේ සාමාන්‍ය වැසියන් සැමරීමේ කිසිදු සැලැස්මක් නැති බව රජය පවසයි.

 

“ආරක්ෂක අමාත්‍යාංශය එවැනි සමරුවක් සංවිධානය කොට නැතැ,” යි ආණ්ඩුවේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා සිටි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන ප්‍රකාශ කොට තිබුනේ මියගිය යුද සෙබළුන් සැමරීමට රටේ ස්ථාන කීපයක උත්සව සංවිධානය කර ඇති බවයි.

 

මැයි 5 දායින් අරඹා ‘රණවිරු මාසයක්’ ප්‍රකාශයට පත් කර ඇති බව කී අමාත්‍යවරයා මැයි 18 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු පිටියේ යුද භටයන් වෙනුවෙන් පුෂ්පෝපහාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව පැවසීය.

 

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සහ සංවිධාන යුද්ධයෙන් මියගිය අය සමරා ශෝක සතියක් ප්‍රකාශයට පත් කොට ඇති අතර, යුද්ධයේ අවසාන භාගයේ නිරායුධ වැසියන් දහස් ගණනින් මියගිය මුල්ලිවයික්කාලේ උතුරේ මහ ඇමති වරයාගේ ප්‍රධානත්වයෙන් මැයි 18 වැනිදා අනුස්මරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Ruwan-wijeyawardena-575-01

යුද්ධයෙන් මියගිය අය සැමරීම ඕනෑම අයකුට කළ හැකි වුවත් එල්ටීටීඊ නායකයන් සැමරීම හෝ කොටි කොඩි එසවීම හෝ තහනම් බවයි ඇමතිවරයා පවසන්නේ.

 

එය වලක්වාලීමෙට උතුරේ පමණක් නොව රට පුරා පොලිසිය හා හමුදාව සීරුවෙන් තබා ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන වැඩිදුරටත් කියා සිටී.

 

එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවල දැක්වෙන පරිදි 40000ටත් 70000ටත් අතර නිරායුධ වැසියන්  පිරිසක් යුද්ධයේදී මරා දමා තිබේ.

Related posts

Comments are closed.

Top