හිස්බුල්ලාට එරෙහි සත්‍යග්‍රහයක්

 

11902576_10206324959536395_7416772509083932075_n

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. ඒ. එම්. හිස්බුල්ලා ගේ ආධාරකරුවන් විසින් විරුද්ධවාදීන් හට කළ පහරදීමක් සම්බන්ධයෙන් විරෝධය පෑම සදහා සත්‍යග්‍රහයක් අද දින (22.08.2015) පෙ.ව. 10.00 ට ගාලු මුවදොර ජනාධිපති කාර්යයාලය ඉදිරිපිට පැවැත්වෙන බව කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ගගනට පැවසීය.

මෙවර මහ මැ11745398_860513607375494_352912257321876360_nghතිවරණයෙන් පරාජයට පත් වූ අපේක්ෂකයකු වන එල්. ඒ. එම්. හිස්බුල්ලා එක්සත් ජනතා නිදහස් සංධානයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කිරීමත් සමග ඔහුගේ ආධාරකරුවන් විසින් ඊයේ රාත්‍රිය්‍ෙ මඩකලපුවේ කාත්තන්කුඩියේ  කළ පහරදීමකදී ගැබිණි කාන්තාවක් ඇතුලු සිව් දෙනකු තුවාල ලබා තිබෙන බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානය වෙත වාර්තා වී ඇති පරිදි මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ තාක් සිදුවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 13 කි.

 

 

 

 

Related posts

Comments are closed.

Top