ලිංගික සංක්‍රාන්තික සිසුන් වෙනුවෙන් ගෙන ආ නීතියට ඇමරිකාවේ ප්‍රාන්ත එකොළහක වි‍රෝධය

_89800606_a18a38f0-422d-45be-93cd-9845f800856a

සේයා: බීබීසී

ඔබාමා පාලනය විසින් ගෙන ආ, ලිංගික සංක්‍රාන්තික සිසුන්ට සිය නව ස්ත්‍රීපුරුෂ භාවයට අනුව වැසිකිලි භාවිත කිරීමට ඉඩ ලබාදිය යුතුය යන නියෝගය ‘දැවැන්ත සමාජයීය අත්හදා බැලීමක්’ යැයි ප්‍රකාශ කරමින් එක්සත් ජනපදයේ ප්‍රාන්ත එකොළහක්  එයට එරෙහිව නඩු පවරා ඇති බව වාර්තා වේ.

කොන්ග්‍රසය හෝ ප්‍රාන්ත විසින් තනිව ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග වලට අනිසි ලෙස අත පොවමින්, ෆෙඩරල් රජය තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි බලතල ඉක්මවා යන බවට ඔවුන් ච‍ෝදනා කර සිටී.

ඔබාමාගෙන් තර්ජන

මෙම නියෝගය පිළිනොපදින ප්‍රාන්ත වලට ෆෙඩරල් රජයෙන් ලබා දෙන අධ්‍යාපන ආධාර අත්හිටුවන බවට ඔබාමා පාලනය තර්ජනය කර තිබේ.

ඔබාමා පාලනය විසින් මෙම නීතිය ගෙන ආවේ උතුරු කැරොලිනාව විසින්, ලිංගික සංක්‍රාන්තිකයන් පොදු වැසිකිළි භාවිතයෙදී තම උප්පැන්න සහතිකයේ ඇති ස්ත්‍රී පුරුෂ භාවයට අනුව කටයුතු කළ යුතු බවට නීතියක් ගෙනඒමත් සමඟය.

මෙම නීතිය වෙනස්කොට සැළකීමක් ලෙසින් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අභියෝගයට ලක් කරන ලදී.

සංක්‍රාන්තික ස්ත්‍රීන් හට පුරුෂ වැසිකිළි භාවිතයට බලකිරීම

ලිංගික සංක්‍රාන්තිකයන්ගේ අයිතීන් සම්බන්ධ නීතිඥයන් පෙන්වා දෙන්නේ, උපතේදී පැවති ස්ත්‍රීපුරුෂ භාවය පදනම් කරගෙන වැසිකිළි  පහසුකම් භාවිත කිරීමට බලකරනු ලැබීමට ප්‍රාන්ත ආණ්ඩු සමත් වුවහොත් විශේෂයෙන්ම ලිංගික සංක්‍රාන්තික කාන්තාවන්ට විශාල අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බවත්, ඔවුන්ට පුරුෂ වැසිකිළි භාවිතයට බලකෙරෙනු ඇති බවත් ය.

එසේම රැවුල් පවා සහිත බොහෝ ලිංගික සංක්‍රාන්තික පුරුෂයන්ට කාන්තාවන් සමග කාන්තාවන් සඳහා වෙන්වූ වැසිකිළි භාවිතා කිරීමට සිදුවනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

Related posts

Comments are closed.

Top