‘ආපදාවට ලක්වූ සමහරුන්ට තවමත් සහනාධාර නෑ’ රතු කුරුසය

CjqnB9vXIAE2bjb

ලංකාවට බලපෑ ගංවතුර හා නාය යෑම් ව්‍යසනයෙන් ආපදාවට ලක්වූ  ඇතැම් පිරිස් වෙත තවමත් නිසි ආකාරයේ සහනාධාර නොලැබී යන බව ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පවසයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුරින් අපිරිසිදු වූ ලිං පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් මේ දින වල රතුකුරුස සංවිධානය ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බවයි රතු කුරුස සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් සුදත් මඩුගල්ල ගගන හා කියා සිටියේය.

පීඩාවට පත් ජනතාව සදහා සෞඛ්‍ය සායන පැවැත්වීමට ද මේ දින වල රතු කුරුස සංවිධානයේ මුලිකත්වයෙන්  සිදු කරමින් පවතින අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ පුර්ණ සහයෝගය ඇතිව සිදු කරන බවයි ඔහු පවසන්නේ.

නාය යෑම හේතුවෙන් පීඩාවට පත්ව සිටින අරණායක සහ බුලත්කොහුපිටිය ජනතාව මේ වන විටත් ආරක්ෂිත ස්ථාන වල රැදී සිටින අතර ආපදා කළමනාකරණ ඒකකය සමග ඒකාබද්ධව ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පවසයි.

Aranayake

ජනමාධ්‍ය මෙහෙයුම්

ගංවතුර හා නාය යෑමේන්  ආපදාවට ලක්ව උන්හිටි තැන් අහිමිව සිටින ජනතාවට සහනාධාර එකතු කිරීම වෙනුවෙන් පසු ගිය දින කිහිපය පුරාම කටයුතු කළ ජනමාධ්‍ය ආයතන මේ වන විට එම කටයුතු නවත්වා ඇති බවයි රතු කුරුස සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් සුදත් මඩුගල්ල පැවසුවේ.

එම සහනාධාර බෙදා දීමේ  කටයුතු ඇතැම්  විටදී සැලසුම් සහගතව ආකාරයෙන් සිදු නොවී ඇති බව පෙන්වා දෙන ඔහු සදහන් කරන්නේ මින් ඉදිරියටවත් ජනමාධ්‍ය ආයතන එවැනි ආකාරයේ කටයුතු වල නිරත වීමේදී විධිමත් සංවිධානයක් සමග එක්ව එම කටයුත්ත සිදු කළ යුතු බවයි.

ඒ සදහා ජනමාධ්‍ය ආයතන දැන් සිටිම දැනුවත් කර තිබීම වැදගත් බව නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් සුදත් මඩුගල්ල පවසයි.

13323831_10153844955720186_5943761647844088939_o

අරණායකට රජයෙන් නිවාස

මේ අතර අරණායක කොට්ඨාසයේ ආපදාවන්ට  ලක්වුවන් වෙනුවෙන් අළුතින් නිවාස 1,000 ක් සාදා දීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

 

අරනායක ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ පැවති රැස්විමක් අමතමින් අමාත්‍යවරයා ඒ බව කී බවයි රජය පවසන්නේ.

 

ආපදාවෙන් අනාථ වූ අරණායක වාසීන්ට සහන සැලසීම පිළිබදව මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 61 තුළ දැඩි ආපදාවට ලක්ව නිවාස අහිමි වුවන් සදහා මෙම නිවාස සාදා දීමට නියමිතය.

 

නිවාස ලබා දිමේදි කිසිදු භේදයකින් තොරව කටයුතු කරන බව එහිදී පවසා ඇති  අමාත්‍ය සජිත් ප්‍රේමදාස  අරණායක කොට්ඨාසයේ නිවාස ගැටළුව මුළුමනින්ම විසදීමට කටයුතු කරන බවද එහිදී සදහන් කර තිබේ.

13310435_10208286702218736_2905953266987754009_n

ශ්‍රී ලංකාවේ ගංවතුර හා නායයෑම් පීඩිතයන්ට ඉදිරි දහඅට මාසයක කාල සීමාව තුල දිගුකාලීන සහන සැලසීම සඳහා ජාත්‍යන්තර රතු කුරුසය හා රතු අඩසඳ සංවිධානය ස්විස් ෆ්‍රෑන්ක් තිස් ලක්ෂයක මුදල් ලබා ගැනීම සඳහා ලෝක ව්‍යාප්ත ආයාචනයක් දියත් කර තිබේ.

 

 

 

Related posts

Comments are closed.

Top