අලි වෙනුවට පෙරහැර රකින්න ජනපති මුල්වී සාකච්ඡාවක්

147ceae14b2e2ebe7eb9907431dccb07_L

හීලෑ අලි ඇතුන් හිඟවී ම නිසා මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ පෙරහැර පැවත්වීමේ ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන්   විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

එම සාකච්ඡාව 31අඟහරුවාදා  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

චිරාගතව පැවත එන පෙරහැර සංස්කෘතිය සඳහා ප‍්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන ලෙස අදාල නිලධාරීන් වෙත එහිදී උපදෙස් ලබා දී ඇති ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ හීලෑ අලි ඇතුන් පිළිබඳව ගැටලුව සම්බන්ධයෙන් කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ ඔස්සේ විසදුම් සෙවීම වැදගත් බවයි.

වනජීවී දෙපාර්තමේන්තුවෙන් අලි

Sri-Lanka-Elephant-Mahout-village-by-Colin-Prior

කෙටි කාලීන වැඩපිළිවෙළක් ලෙස අධිකරණ නියෝග මත දැනට වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටින හීලෑ අලි ඇතුන් වන ජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීම අදාළ නීතිමය තත්ත්වයන් යටතේ පෙරහැර සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කර ඇත.

වෙනත් කර්මාන්ත සඳහා යොදවා ඇති හීලෑ අලි ඇතුන් පෙරහැර කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව ද එහිදී අවධානයට ලක් වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරයි.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් එස්.පී.බී. මීගස්මුල්ල හා මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර  ඇතුළු සතර මහා දේවාලවල බස් නායක නිළමේවරුන් ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

කිසිදු පාරිසරික සංවිධානයක් එම සාකච්ඡාවට සහභාගි වූ බවක් රජය දන්වා නැත.

Related posts

Comments are closed.

Top