කෑම ඉල්ලා වීදි බට වෙනිසියුලා ජනතාවට පොලිස් ප්‍රහාර | VIDEO

People shout at Venezuelan National Guards during riots for food in Caracas

“අපට කෑම ඕනෑ” යයි හඬ නගමින්, වෙනිසියුලාවේ කැරකස් නුවර ජනපති මැදුර ආසන්නයේ විරෝධතාවේ නියැලුනු උද්ඝෝෂකයන් විසිරුවා හැරීම සඳහා රජයේ ආරක්ෂක අංශ කඳුලු ප්‍රහාර එල්ල කොට තිබේ.

සියයකට අධික විරෝධතාකරුවන් පිරිසක්, මධ්‍යම කැරකස් අගනුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ “තව කථා අවශ්‍ය නැහැ. අපිට කෑම ඕනේ” යයි හඬ නඟමින් ජනපති මැදුර දෙසට ගමන් කළහ.

පොලීසිය සමඟ ගැටුම්

කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ ආරක්ෂක අංශ විසින් මන්දිරයට යාමට ඇති මාර්ගය අවහිර කර විරෝධතාකරුවන් ආපසු තල්ලු කරන ලදී.

ආරක්ෂක අංශ භාවිතා කරන ප්ලාස්ටික් පලිහ වලට විරෝධතාකරුවන් පයින් පහර දුන් අතර, අවට නිවැසියන් පොලීසියට විරුද්ධ සටන් පාඨ කියමින් විරෝධතාකරුවන්ට සහාය දක්වා තිබේ.

රජයෙන් විපක්ෂයට චෝදනා

රජය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලකයන්ට චෝදනා එල්ල කරන අතර ආරක්ෂක අංශ පවසා ඇත්තේ තත්වය පාලනය කර ඇති බවයි.

රට තුළ පවතින අසහනකාරී තත්වය සම්බන්ධයෙන්, ජාත්‍යන්තර තෙල් මිල පහළ යාමට සහ ඔහුගේ සතුරන් විසින් ගෙන යන ‘ආර්ථික යුද්ධයට’ ජනපති මදුරෝ විසින් චෝදනා කරනු ලැබීනි.

භාණ්ඩ හිඟය, විදුලිය කපා හැරීම් සහ දිනපතා සිදුවන අපරාධ වලට එරෙහි විරෝධතා දෛනිකව සිදුවෙන අතර රට තුළ සොරකම් සහ මංකොල්ලකෑම් ද ඉහළ යමින් පවතී

මාදුරෝ නිලයෙන් පහ කිරීම සඳහා මෙම වසරේ ජනමත විචාරණයක් පැවැත්වීමට විපක්ෂය උත්සාහ දරමින් සිටී.

 

Related posts

Comments are closed.

Top