උතුරු නැගෙනහිර යුද්ධයෙන් විනාශ වූ නිවාස 2040ක් මිලියන 480ක වියදමින් නැවත ඉදිවෙමින් තිබෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා පවසයි.
විපක්ෂ නායක ආර්.සම්බන්ධන් විසින් පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ ගෙනා යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් ඩී.එම්.ස්වාමිනාදන් අමාත්‍යවරයා ඒ බව පැවසු බව රජය සදහන් කරයි.
යුද්ධය නිමවීමෙන් පසුව ජනතාව යළි පදිංචි කිරීමත්, ඔවුන්ගේ ඉඩම් ගැටළු හා ඔවුන් මුහුණ දී සිටින රැකියා ගැටළු පෙන්වා දෙමින් විපක්ෂ නායකයා සිය යෝජනාව ඉදිරිපත් කර ඇත.
‘මිලියන 647ක මුදලක් වෙන් කර තිබෙනවා.මෙම ව්‍යාපෘතිය තුළින් පොදු ළිං ඉදිකිරීම හා අලුත් වැඩියා කිරීම,විදුලි සැපයීම ලබාදීමට නියමිතයි.සෑම පවුලකටම ලක්ෂ දෙක බැගින් ලබාදීමටත් නියමිතයි’ . ඩී.එම්.ස්වාමිනාදන් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා පවුල් 7600ක් සඳහා වැසිකිළි පහසුකම් ලබාදීමට මිලියන 418ක් වෙන් ඇති අතර එම ව්‍යාපෘතිය තුළින් එක් වැසිකිළියක් සදහා රුපියල් 55000ක් වියදමින් ඉදිකෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ.
‘යුද්ධයෙන් පසුව නැවත පදිංචි වූ ජනතාවගේ යටිතල පහසුකම් සඳහා මිලියන 632ක මුදලක් වෙන් කොට තිබෙනවා. යුද්ධයෙන් හානියට පත් පවුල්වල ජීවනෝපාය නැංවීමට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.මිලියන 1350ක් මේ සඳහා වෙන් කර තිබෙනවා.යුද්ධය පැවැති ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා මිලියන 20ක් මුදලක් අමාත්‍යාංශය වෙන් කර තිබෙනවා’ යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
ස්වාමිනාදන් අමාත්‍යවරයා ගේ මැදිහත් වීමෙන් විදේශීය සමාගමක් උතුරේ පූට්ටු නිවාස ඉදිකිරීමට ගෙනා සැලසුම් පළාත් වාසී ජනතාවගේ විරෝධය නිසා ජනපති නියෝගයෙන් අත් හිටුවා තිබේ.
‘ආසෙලෝමිට්ටල්’ (ArcelorMittal) බහුජාතික වානේ කර්මාන්ත සමාගම විසින් ඉදි කෙරුණු නිවාස , මිනිස් වාසයට යෝග්‍ය නොවන බව මොරටුව විශ්ව විද්‍යාලය සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබුනි.