පිටුවහල් කරන්නට හදන සරණාගත ශ්‍රී ලාංකික යාත්‍රිකයන් 44 දෙනා බාර ගන්නැයි ජාත්‍යන්තර ‘ක්ෂමා’ ආයතනය ඉන්දුනීසියානු රජයට කියයි

1465724338587

ඔස්ට්‍රේලියාව බලා යාත්‍රාකරමින් සිටියදී, අයහපත් කාලතුණ තත්වයන් හේතුවෙන් ඉන්දුනීසියානු වෙරළ තීරයට ඇදී ගිය, ශ්‍රී ලාංකික දේශපාලන සරණාගතයින් 44 දෙනෙකු රැගත් මුහුදු යාත්‍රාව යළි ජාත්‍යන්තර මුහුද වෙත මුදාහැරීමට ඉන්දුනීසියානු බලධරය උත්සාහ කරමින් සිටින බව ජාත්‍යන්තර ක්ෂමා අයතනය චෝදනා කරයි.

මෙම 44 දෙනා ළමුන් 9ක්, පිරිමි 20ක් සහ ගර්භනීය මාතාවක්ද ඇතුළු ස්ත්‍රීන් 15කගෙන් සමන්විතව සිටින බව වාර්තා වේ.

‘මේ අය මේ වනවිටත් ඉතාම දීර්ඝ හා දුෂ්කර ගමනක අවසන් කරලා හෙම්බත් වෙලා ඉන්නෙ. ඔවුන් අචේ (Aceh) ප්‍රාන්තයේ භූමියට ඇවිත් ඉන්නෙ. දැන් ඔවුන්ට ඉඩ සලස්සන්න ඕනෙ ගොඩබැහැලා අවම වශයෙන් සරණාගතයින් සඳහා වන එක්සත් ජාතින්ගේ මහා කොමසාරිස් කාර්යාලයේ  (UNHCR) නිලධාරීන් හසුවෙන්නට’ ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ගිණිකොනදිග ආසියානු හා පැසිෆික් කලාපීය ක්‍රියාන්විත අධ්‍යක්ෂ ජෝෂප් බෙනඩික්ට් පවසයි.

ඇමිනේස්ටි ජාත්‍යන්තරය මෙසේ සැක පළකරන්නේ ඉන්දුනීසියානු දේශපාලන බලාධිකාරය ජීවිත 44ක් සහිත යාත්‍රාව යළි ජාත්‍යන්තර මුහුදු තීරයට මුදා හරීද යන්න පිළිබඳවයි.

1465724338587 (1)ජූනි 11දා සිට

ඉන්දුනීසියාවේ එකේ ප්‍රදේශයේ ධීවරයන් විසින් මෙම සරණාගත යාත්‍රාව සොයාගැනුණේ ඉකුත් ජූනි මස 11වැනිදා ය. ඒත් ඉන්පසු දැනගන්නට ලැබුණේ ඉන්දුනීසියානු  නාවුක හමුදාව මෙම යාත්‍රාවෙන් පැමිණියවුන්ට ගොඩබැසීමට අවසර නොදෙන බවයි.

ඊට හේතු වී තිබුණේ ඔවුන් ගොඩබැසි විගසම දේශපාලන සරණාගතභාවය පතා ඉල්ලුම් කිරීමට ඉඩ ඇති බවත්, එසේ සිදුකිරීමට අවශ්‍ය නිෂ්චිත ලියකියවිලි ඔවුන් සම්පූර්ණ කර නැති බවත් ය.

මෙම පදනමින් ඉන්දුනීසියානු නාවුක හමුදාව මෙම යාත්‍රිකයන් දිය මතුපිටම රඳවා ගෙන තිබුණි. එබැවින් මෙම සරණාගතයින්ට දිගින් දිගටම සුප්‍රකට ලොක්න්ගා (Lhoknga) වෙරළ තීරයේ රැඳී සිටීමට සිදුවූයේ ජාත්‍යන්තර මුහුදට පළා යන්නට සිදුකෙරුණු බලකිරීම් හා බලපෑම් මධ්‍යයේ ය.

 

සාකච්ඡාවට පවා ඉඩ නෑ

එසේම බලධාරීන් විසින් සරණාගත කටයුතු භාර ජාත්‍යන්තර නිලධාරීන් හට මෙම සරණාගතයින් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කිරීමටද ඉඩ ලබා දුන්නේ නැත.

ඒ මෙස සරණාගතයින්ට සිය අනන්‍යතාව හෙළිකළ හැකි ලියකියවිලි හෝ හැඳුනුම්පත්‍ර නැතැයි යන සුප්‍රකට තර්කය ඉදිරිපත් කරමිනි.

නමුත් ජෝෂප් බෙනඩික්ට් පවසන්නේ සරණාගතභාවය සොයමින් මෙවන් දුෂ්කර ගමනක් පැමිණෙන සරණාගතයන් සහ පිටුවහලුන් සතුව ලියකියවිලි නොතිබීම ඔවුන්ට සරණාගතභාවය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට බාධාවක් නොවන බවයි.

 

SlRefugees06162016ඉන්දියාවෙන් මුහුදට

මෙම අඩමානසහගත ගමන සඳහා මෙම යාත්‍රාව දියත් කර තිබුණේ ඉන්දියාවෙනි. ඒත් යාත්‍රික මගීන් ඉන්දියානුවන් නොව, ඉකුත් භීම සමයේ සරණාගතභාවය පත් ශ්‍රී ලාංකික සුළුතර දෙමළ පිරිසක් බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාව ඉලක්ක කරගනිමින් ධාවනය වූ යාත්‍රාව දින 20ක් තිස්සේ යාත්‍රා කර ඇති අතර අයහපත් කාලගුණ තත්වයන් හේතුවෙන් මෙසේ ඉන්දුනීසියා දෙසට තල්ලු වී ගොස් ඇත.

‘අපි ඉන්දුනීසායානු බලධරයට දිගින් දිගටම පෙන්වා දෙමින් ඉන්නෙ මේ ජනතාවගේ සිද්ධි බාරගන්න පුළුවන් විධිමත් හා සාධාරණ ක්‍රමවේදයක් හදන ලෙසයි. එහෙම සිදු නොවීම, වෙනත් රටක දේශපාලන ගැටළු නිසා ජාත්‍යන්තර ආරක්ෂණය පතන අයට සිදුකෙරෙන බරපතල අසාධාරණයක්’ යැයි ජෝෂප් බෙනඩික්ට් වැඩිදුටත් පැවසී ය.

පොරොත්තු ලේඛනය

ඉන්දුනීසායානු ව්‍යවස්ථාව 2011 වසරේ සිට දේශපාලන රැකවරණ පැතීම අයිතියක් ලෙස පිළිගෙන ඇති අතර ඒ සඳහා වන නියාමයන් සකස් කෙරෙමින් පවතින බව පවසයි.

රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන බොහෝ ඉදිරිගාමී යෝජනා මේ සඳහා ඉදිරිපත් කර ඇති නමුත් මේවා තවමත් ක්‍රියාත්මක තලයට පැමිණ නැත.

එසේම වාර්තා සඳහන් කරන අන්දමට මේ වන විට ඉන්දුනීසායානු දූපත් සමූහයේ ඇති රැඳවුම් මධ්‍යස්ථාන වල අලුත් රැඳවියන් සඳහා වන ධාරිතාවක් නැත.

මේ වන විටත් ඉන්දුනීසියාවේ පිහිටි, සරණාගතයින් සඳහා වන එක්සත් ජාතින්ගේ මහා කොමසාරිස් කාර්යාලයේ  (UNHCR) 13000කට අධික දේශපාලන රැකවරණ පොරොත්තු ලේඛනයක් ඇත.

 

Related posts

Comments are closed.

Top