අවුෂ්විට්ස් වධකඳවුරෙන් දිවි ගළවාගත් ‘එලී වීසල්’ ජීවිතයෙන් සමුගනී

1c125f8107fa8d743065234384042b09

ලෝකප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයකු, ග්‍රන්ථ කතුවරයකු, දේශකයකු මෙන්ම චින්තකයකු වූ එලී වීසල් ජිවිතයට සමුදී ඇත.

නිව්යෝක් නගරයේ සිය නිවසේදි ඔහු මිය යන විට අසූහත් හැවිරිදි වියේ පසුවිය.

දෙවැනි ලෝක යුද්ධයට පදනම් වූ ජුදා ජාතිකයින් සමූලඝාතනය (Holocaust) කෙරුණු අවධියේ ජර්මානූ නාසි හමුදා අත් අඩංගුවේ මරණය ඉදිරියේ සිටි ඔහු අහම්බයකින් දිවි ගලවා ගති.

කුප්‍රකට නාසි ජර්මන් වධ කඳවුරු වූ අවුෂ්විට්ස් සහ බුෂෙන්වාල්ඩ් කඳවුරු වල (Auschwitz and Buchenwald) දීර්ඝකාලයක් වධ විඳි එලි විසල්  ඉන් මිදී ප්‍රංශයට පැමිණුනි.

ඉන් පසු ඊශ්‍රායලයට ගිය ඔහු අවසානයේ ඇමරිකානු ජීවිතයකට පිවිසුණි.

 

NightWieselරාත්‍රිය

එහිදි ග්‍රන්ථකරණයට පිවිසි ඔහු රචනයේ පරිචය ලබත්ම කෙමෙන් සිය අඳුරු කඳවුරු මතකයන් ලෝකය හමුවේ තබන්නට විය. ඔහුගේ පළමු බරපතල කෘතිය ලෙස සැළකෙන ‘රාත්‍රිය’ (Night) සමාජය හමුවේ තබන්නට ඔහු වසර 10ක අභ්‍යාස කාලයක් ගත්තේ ය.

‘‘ඒ රාත්‍රිය, කඳවුරෙහි ගාල්කළ ඒ පළමු රාත්‍රිය, මගේ ජිවිතය එක් තනි දිගු රාත්‍රියක් කරා පරිවර්ථනය කළ ඒ රාත්‍රිය කිසිදාක මට අමතක නොවනු ඇත. නිහඬ නිසසල අහස යට, ධූමයක් බවට පර්වර්තනය කෙරුණු සිරුරු අතරින් මා දුටු ඒ ළමයින්ගේ ඒ ළපටි මුහුණු  මට කිසිදාක අමතක කරලන්නට බැරි ය. මගේ ඇදැහිල්ල සදහටම විනාශ කරදැමූ ඒ අග්නිජාලා අමතක කරලීම කිසිදාක කළ නොහැක්කකි.’’

ඇමරිකානු දේශපාලන සංවාද වැඩසටහන් සඳහා ප්‍රකට ඔප්රා වින්ෆ්‍රෙයි (Oprah Winfrey) සමඟ 2006 වසරේ ඔහු අවුෂ්විට්ස් කඳවුර බලන්නට ගොස්  යළි පැමිණෙමින් සිටියදී ‘රාත්‍රිය’ කෘතියේ කොටසක් මෙසේ කියවන්නට වූයේ එය දුටු සියල්ලන්ගේම හදවත් කම්පාවට පත් කරලමිනි.

 

ඇදැහිල්ල ගැන

පසු කලෙක දේව විශ්වාසය ගැන සහ ඊට සමාන්තර අතීත සිද්ධීන් ගැන විශ්ව විද්‍යාල සිසුහු ඔහුගෙන් ප්‍රශ්න කළහ. ඔහු ශිෂ්‍යන්ට මෙසේ පිළිතුරු දුනි.

‘‘ඔව්,නිසැකවම, දෙවියන්ගෙන් ඇසීමට මා තුළ තවමත් ප්‍රශ්න ඉතිරිව තිබෙනවා; දෙවියන් ගැන මට තවමත් ගැටළු තියෙනවා. නමුත් ඒ ඇදහිල්ල ඇතුළේ මිස ඉන් පරිබාහිරව නෙවෙයි; ඒත් නියත වශයෙන්ම ඒ ඇදහිල්ලට එරෙහිව නෙවෙයි’’

 

මරණය වර නැඟිම

ඔහුගේ සමස්ථ භාවිතය හකුළා දැක්වමින් ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ ‘‘මේ කුරිරු යුද්ධයේ වින්දිතයන් හා ඊට ගොදුරුවී මරණයට පත්වූවන් අමතක කර දැමිම වනාහි ඔවුන් දෙවැනි වරටත් මරා දැමීමක්’’ බවයි.

‘‘මට ඔවුන්ගෙ පළවැනි මරණය වළක්වගන්න බැරිවුණා. නමුත් අනිවාර්යෙන්ම ඔවුන්ව දෙවැනි මරණයෙන් වළක්ව ගන්න මට හැකියාව තියෙනවා’’ යැයි ඔහු පැවසී ය.

 

WieselMarchingOut

අවුෂ්විට්ස් කඳවුරේදී. ඉදිරි පෙළ උස ළමයා එලී විසල් ය.

නොබෙල් සාම ත්‍යාගය

මෙම අඛන්ඩ මැදිහත්වීම් විසින් අවසානයේ එලී විසල්ට 1986දි සාමය සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි කර දුන්නේ ය.

ඔහුට ඒ ත්‍යාගය පිරිනැමූ නොබෙල් කමිටුව පැවසූයේ වීසල් වනාහී මනුෂ්‍ය වර්ගයා වෙත පැමිනුණු (දේව) දූතයකු බවයි.

එලී වීසල් ඉපදුණේ රුමේනියාවේ ය. ඔහු 15 හැවිරිදි වියේදී රුමේනියාවට කඩාවැදුණු නාසි හමුදා විසින් ඔවුන් සියල්ලන්ම රැගෙන ගොස් අවුෂ්විට්ස් කඳවුර තුළ ගාල් කෙරුණි. ඔහුගේ මව සහ නැඟෙණිය ඉතා කෙටි කාලයක් ඇතුළත ගෑස් කාමර තුළ ඝාතනය කෙරුණි. ඔහුගේ තාත්තා ඝාතනය කෙරුණේ 1945දි ඇමෙරිකන් හමුදා විසින් ඝාතන කඳවුරු මුදා ගනු ලැබීමට ඉතාම ආසන්නයේ ය.

 

රාජ්‍ය නායක මතකය

‘‘යක්ෂාගේ බියකරු අන්ධකාරට එරෙහිව හිටගත් මානව අධ්‍යාත්මය මූර්තිමත් කළ, එමෙන්ම එය පරිසමාප්තියට පත් කළ එලී විසල් පිළිබඳ වන ආශිර්වාදලත් මතකය අප තුළ සදා නොනැසෙන ආශ්වාදයක්‍’’ යැයි ඊශ්‍රයල් අගමැති බෙන්යමින් නෙතන්යාහූ පවසයි. ‘‘ඔහු ජීවිතය කැපකළේ, දෙවියන්ගේ ස්වරූපයට මවන ලද මනුෂ්‍යාට එරෙහි සියලු ආකාරයේ ද්වේශයන්ට එරෙහිව සටන් කිරීමටයි. ඔහු අපි සියල්ලන්ටම මඟ පෙන්වන්නකු වුණා’’ යනුවෙන් අගමැතිවරයා සහතික කරයි.

ඇමරිකානූ ජනාධිපති බැරික් ඔබාමා එලී විසල්ගේ කිට්ටුවන්ත මිතුරෙක්ව සිටියද ඒ මිත්‍රකම ඊශ්‍රායලය පිළිබඳ ඇමරිකාව දරන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය විවේචනය කිරීමට ඔහු බාධාවක් කර නොගත්තේ ය.

බැරක් ඔබාමා එවන් වූ සිය මිත්‍රයා මෙනෙහි කළේ මෙලෙසිනි.

‘‘විසල් කියන්නෙ ලෝකය පිළිබඳ හෘදය සාක්ෂිය පැතිකඩ ගණනාවවකින් අප හමුවේ තැබූ අපේ කාලයේ එක් විසල් චරිතයක්’’

Related posts

Comments are closed.

Top