හමුදාවට භාරවූ අයගේ ලැයිස්තුව හෙළි කිරීමට රට තුලින්ම රජයට බලපෑම්| VIDEO

unnamed7

හත් අවුරුද්දකට පෙර යුද්ධයේ අවසන් සමයේ රජයේ ආරක්ෂක අංශ වෙත යටත් වුවන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට මැදිහත් වන ලෙස  මානව හිමිකම් ක්‍රියාධරයෙක් යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා  රජය විසින් පත් කරන ලද කමිටුවකින් ඉල්ලා සිටී.

2009 මැයි මාසයේදී තරුණ බිරින්දෑවරුන් විසින් තමන්ගේ ස්වාමිපුරුෂයන් හමුදාව වෙත භාර දෙනු ලැබුවත් එය පිළිගැනීමට ආණ්ඩුව සුදානම්  නොමැති බවට චෝදනා කරන මානව හිමිකම් ක්‍රියාධර  බ්‍රිටෝ  ප්‍රනාන්දු,  සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් හෝ  එය ප්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා සිටියේ  යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත සම්බන්ධ මහජන මත විමසන කමිටුවෙනි.‍

ඒ අධිනීතිඥ  මනෝරි මුත්තෙට්ටුවගම ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය   විසින් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් 5 අගහරුවාදා  කොළඹදී   සිවිල් ක්‍රියාකාරීන්ගේ අදහස් විමසන අවස්ථාවේදීය.

Disappearance-640-1

මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ නාමලේඛනයක්  යුද හමුදාව සතුව ඇති බවට 58 වැනි සේනාංකයේත් මුලතිවු යුද හමුදා කඳවුරේත් ආඥාපති මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන    මීට ඉහතදී අධිකරණය හමුවේ පවසා තිබුනි.

සංකේතාත්මක නිදහස

2011 වසරේ නොවැම්බර් 31 දින ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වා අත්අඩංගුවේ සිටි පිරිස් අතරින්  සංකේතාත්මකව  1800 ක පිරිස  නිදහස් කරනු ලැබුවත් ඔවුන් සියලු දෙනා මේ වන තෙක් තම නිවෙස් වෙත ගොස් නැති බවද එහිදී හෙලිකළ බ්‍රිටෝ ප්‍රනාන්දු  ඉල්ලා සිටියේ එම පිරිසගේ ලයිස්තුව ද ප්‍රසිද්ධියට පත් කරන ලෙසයි.

අතුරුදහන්වුවන්ගේ ප්‍රඥප්තිය සම්මත කිරීමට නව  ආන්ඩුව ගත් පියවර සම්බන්ධයෙන් සතුටු වන අතර ඒ සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරිකයන්ට වැටහීමක් පැවතියත් ඒ පිළිබදව වින්දිතයන් නොදැනුවත් බව පෙන්වා දෙන ඔහු සදහන් කරන්නේ අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තවමත් රජයේ අවධානය යොමුව නොමැති බව යුද පීඩිතයන්ගේ ආකල්පය බවයි.

රුපියල් පන්සියයක්

ඔවුන්ට එය තේරෙන්නේ ඔවුන්ගේ එදිනෙදා ජීවත් වීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය අනුව බව පෙන්වා දෙන බ්‍රිටෝ   ප්‍රනාන්දු සඳහන් කරන්නේ   පසුගිය රජය විසින් වින්දිත පවුල්  වෙත ලබාදුන් රුපියල් 500 ක සහනාධාරය  වැනි දීමනාවක්වත් ලබා දීමට හැකිනම් තමන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවට එම ජනතාව තුල විශ්වාසයක් ඇති බන  බවයි.

රජය විසින් ස්ථාපිත කර ඇති අතුරුදහන් වූවන් වෙනුවෙන් වන කාර්යාලය (OMP)   වින්දිතයන්ගේ කමිටු මගින් නිරීක්ෂණය  කෙරෙන්නේ නම් එය යහපත් බවද මානව හිමිකම් ක්‍රියාධරයා එහිදී යෝජනා කළේය.

දැනුත් පැහැර ගැනීම්

සංඛ්‍යාත්මක වශයෙන් පසුගිය ආණ්ඩුවට වඩා වෙනස් වුවත් මේ ආණ්ඩුව යටතේත් සිදුවන පුද්ගලයන් පැහැරගැනීම බරපතල තත්වයක් බවද ඔහු එහිදී සදහන් කළේය.

2359d487-9747-46f9-a3d0-5ea4759a4f3e (1)

ජාත්‍යන්තර විනිසුරුවන්

බිඳ වැටී ඇති ලංකාවේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසය යලි තහවුරු වී නොමැති බවද පෙන්වා දුන්  බ්‍රිටෝ  ප්‍රනාන්දු වැඩි දුරටත් අවධාරණය කර සිටියේ ජාත්‍යන්තර විනිසුරුවන් ගෙන්වන්නේ නැති බවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කරන ප්‍රකාශ බිය නොවන ලෙසට හමුදාව වෙත ලබා දෙන සහතිකයක් වැනි බවයි.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර සහාය ලබා ගැනීම ඉතා වැදගත් ලෙස පෙන්වා දුන් ඔහු පැවසුයේ රජයේ ස්ථාවරය එයමනම් අඩුව වශයෙන් නීරීක්ෂකයන් වශයෙන් හෝ ජාතන්තර සහාය ලබා ගත යුතු  බවයි.

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ගාමිණී වියන්ගොඩ, කේ ඩබ් ජනරංජන, මහාචාර්ය දයා සෝමසුන්දරම්, විශාඛා ධර්මදාස, ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, ආචාර්ය ෆර්සානා හනිෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ සහ මිරාක් රහීම් ගෙන් කාර්ය සාධක බලකාය සමන්විත වෙයි.

Related posts

Comments are closed.

Top