පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන මේ මස 18 දක්වා කොටුව මහේස්ත්‍රාත් ලංකා ඩී ජයරත්න විසින් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද (11) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවෙදීයි.
රගර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ක්‍රිෂ් සමාගමට දැනුමදීමක් කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
කෙසේවෙතත් එම මුදල බැර වී ඇත්තේ පෞද්ගලික ගිණුමකට බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව වාර්තාවේ. .
අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද කැඳවා තිබුණි.
මීට පැය 15කට පෙර ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ යහපාලනය මේ වන විට එහි උපරිමයේ පවතින බවත් අත්අඩංගුවට පත්වන්නේ කවුරුන්ද යන්න ගැන තීරණය කරන්නේ රජයේ අමාත්‍යවරුන් බවයි.
කෙසේ වෙතත් ජනතාවාදී ආණ්ඩුවක් වෙනුවෙන් තමන් ඇතුළු පිරිස කරන අරගල නිමා නොකරන බවත් ඔහු පවසයි.