කාසි නිපදවීමට යොදාගත් ඉපැරණි යකඩ අච්චුවක කොටස් පොලොන්නරුවෙන් හමුවේ

7caa7d4068bbd535a4cb2eb96891d662_L

පොලොන්නරුව ඇතුළු නගරයේ බැම්ම ආසන්නයේ සිදු කරනු ලබන පුරා විද්‍යාත්මක කැනීම් මගින් කාසි නිෂ්පාදනය සදහා යොදාගත් ඉපැරණි යකඩ අච්චුවක කොටස් සොයා ගැනීමට හැකි වූ බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන  පවසයි.

පැරණි පොලොන්නරුව නගරය තුල සිදු වූ  ආර්ථික ක්‍රියාවලිය කෙසේද යන්න සොයා බැලීම සදහා එහි සිදු කරන කැනීම් තුලින් උත්සාහ ගන්නා  බව අධ්‍යක්ෂ ජනරාල් කී  බවයි රජය සඳහන් කරන්නේ.

මීට අමතරව පොලොන්නරුව අංක දෙක ශිව දේවාලය පරිශ්‍රයේද කැනීම් කටයුතු සිදු කෙරෙන අතර එමගින්ද පොලොන්නරුව ඉතිහාසයේ ගැඹුරුතම පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

පොලොන්නරුව පුජා නගරය  හා ඒ  තදාශ්‍රිත ප්‍රදේශය තුල කිලෝ මීටර් 50ක්  දුරින් පිහිටා ඇති පුරා විද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ දෙවන අදියර  යටතේ එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ මහාචර්ය රොබින් කනින්හැම්  ඇතුළු ඉන්දියාව, නේපාලය, ප්‍රංශය හා ඉන්දුනීසියාව යන රටවල පුරා විද්‍යා විශේෂඥ  කණ්ඩායමක් කැනීම් කටයතු සිදු කරයි.

ජුලි  මස 30 වන දින එහි  දෙවැනි  අදියර අවසන් කිරීමට නියමිත බව රජය වැඩි දුරටත් සදහන් කරයි.

මේ වන විට  කරන ලද කැනීම් හරහා හඳුනාගත් ප‍්‍රදේශ පිළිබඳ තොරතුරු ඇතුළත් පළමු වර්ෂයේ වාර්තාව එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කනින්හැම්  විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  වෙත පිරිනැමීම 04 සදුදා සිදු කර තිබුණි.

Related posts

Comments are closed.

Top