යුද අපරාධ දේශීය යාන්ත්‍රනය ජාත්‍යන්තර අවශ්‍යතා සපිරීමක් -ගම්මන්පිල

gama

යුද අපරාධ පිළිබඳව සමීක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජය මගින් යෝජනා කර ඇති දේශීය යාන්ත්‍රනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව වරදකරුවන් කිරීමට ලබා දෙන සහයක් පමණක් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

අදාල යාන්ත්‍රනය විවේචනය කරමින් උදය ගම්මන්පිල ප්‍රකාශ කරන්නේ දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මගින් බටහිර බලවේගවල අවශ්‍යතාවන් සපුරාලීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවයි.

යෝජිත යාන්ත්‍රනය බලු බැල්මට දේශීය වශයෙන් පෙනුනද එය මෙහෙයවන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් බවට ද ඔහු චෝදනා කළේය.

එමගින් දේශීය සොල්දාදුවන්ට ට දඩුවම් පැමිණවීම සඳහා ජාත්‍යන්තරයට ඉඩ ලැබීමේ අනතුරුදායක තත්වයට පත්වීමට ඉඩ ඇති බව උදය ගම්මන්පිල පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් පිවිතුරු හෙළ උරුමය යුද භටයන් රැකගැනීමට පෙරමුණ ගන්නා බව උදය ගම්මන්පිල අවධාරණය කළේය.

Related posts

Comments are closed.

Top