තුර්කි හමුදා කුමන්ත්‍රණය පරාදයි: ජනතාව වීදියේ: 200 කට ආසන්න පිරිසක් මරුට | VIDEO

Turkey Coup

තුර්කියේ දියත් කෙරුනු හමුදා කුමන්ත්‍රණයක් පැය කීපයක් තුල පසුබැස්වීමෙන් අනතුරුව  ජනතාව ඇමතූ ජනාධිපති රෙචෙප් තයියිප් එර්දොගාන් බලය ඇල්ලීමට යුද හමුදාවේ පිරිසක් දැරූ උත්සාහය ‘දේශද්‍රෝහී ක්‍රියාවක්’ ලෙස හෙලා දුටුවේය.

කුමන්ත්‍රණ කරුවන්ට ‘බරපතල වන්දියක්’ ගෙවීමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු ඇඟවූයේ තම කැඳවීම අනුව වීදියට පැමිණි ජනකායගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය.

තුර්කියේ මර්මස්ථාන කිහිපයක් අවි බලයෙන් සිකුරාදා අල්ලාගත් කුමන්ත්‍රණය සමග හටගත් ගැටුම් වලින් මියගිය සංඛ්‍යාව 200කට ආසන්න බව එරට රජයේ හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.

එයින් 104 දෙනකු කුමන්ත්‍රණ කරුවන් බව වැඩ බලන යුද හමුදා  කාර්ය මණ්ඩල ප්‍රධානී යුමිත් ජුන්දාස් පැවසීය.

1563 දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති එර්දොගාන්ගේ කැඳවීම අනුව දහස් ගණනක් වීදියට පැමිණීමත් සමග අනූ දෙනකු මියගොස් තවත් 1,1154 ක් තුවාල ලද බව හමුදා ප්‍රකාශකයා පැවසීය.

 නායකත්වය දුන්නේ කවුදැයි තවමත් ප්‍රසිද්ධියට පත්වී  නැති කුමන්ත්‍රණය ජාත්‍යන්තර රාජ්‍ය නායක හෙලා දැකීමට ලක්වී තිබේ.

තුර්කියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් කිසිවකුත් හානියට පත්වූ බව දැනගන්නට නැතැයි ශ්‍රී ලංකා තානාපති පී.එම්.අම්සා පවසයි.

Related posts

Comments are closed.

Top