තමිල්නාඩු ධීවරයන්ට පහර දුන්නැයි කියන චෝදනා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි

india boat

කච්චතිව් දූපත ආසන්නයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් පිරිසකට පහරදුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි පැවසුවේ ඉන්දීය ධීවරයන්ට පහරදීමට නාවික හමුදාවට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත්, නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකරන බවයි.

එහෙත්,  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කච්චතිව් ප්‍රදේශයේ දී තමිල්නාඩු ධීවරයන් සිව්දෙනෙකුට පහරදීමක් සිදු කර ඇති බවට ඉන්දීය මාධ්‍ය අද  වාර්තා කර තිබුණි.

තමිල්නාඩු ධීවර සංගම් නායක පී.සේසූරාජා මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු ධීවරයන් සතුව තිබූ ජංගම දුරකථන, ජි.පී.එස්.උපකරණ,ධීවර යාත්‍රාවලට සහ දැල් ආම්පන්නවලට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාගෙන හානි සිදු කළ බවයි.

Related posts

Comments are closed.

Top