ශ්‍රී ලංකාව චීනය සමඟ මිත්‍රත්වය පවත්වා ගත යුතුයි- චීන රාජ්‍ය මාධ්‍යය

1111111111111111111

ශ්‍රී ලංකා රජය ඉන්දියාවට වඩා චීනය සමඟ මිත්‍රත්වය තවදුරටත් පවත්වාගෙන යායුතු බව චීන රාජ්‍ය මාධ්‍යය කියා සිටියි.

චීන රාජ්‍ය මාධ්‍යය මීට හේතුව ලෙස චීනය දක්වන්නේ මහා පරිමාණයේ ආයෝජන සහ ණය පහසුකම් ශ්‍රී ලංකාවට සැපයීමට ඉන්දියාව ට නොහැකිවීමයි.

චීනය සමඟ දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය මහින්ද රාජපක්ෂ පසුගිය මහ මැතිවරණයේදී පරාජය වීමෙන් අනතුරුව චීන රාජ්‍ය මාධ්‍යයන් ප්‍රකාශ නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

චීන රාජ්‍ය පුවත් පතක් වන ” තින්ක් ටෑන්ක් ” පුවත් පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනය සමඟ දැඩි මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තේ ඉන්දියාව ඇතුළු බටහිර රටවල් එල්. ටි ටි ඊ ය සමඟ පැවැති යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව වෙත මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව චෝදනාවන් එල්ලවීමත් සමඟම බව පෙන්වා දෙමින් වත්මන් රජය චීනය සමග රාජපක්ෂ රජය කටයුතු කළ ආකාරයෙන් බැහැරවන ලකුණු පෙන්වා ඇති බව ප්‍රකාශ කර තිබේ.

” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ රජය ඉන්දියාවෙන් ආයෝජන සහ සහයෝගය ලබා ගැනීමට උත්සහ කිරීම යථාර්තයක් නොවනු ඇත. ඉන්දියාවට තමන්ගේම යටිතල පහසුකම් සපයා ගැනීමට විශාල අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සතුව ශ්‍රී ලංකාවට උදව් කිරීමේ බලාපොරොත්තුවක් තිබුනද ශ්‍රී ලංකාව වෙත විශාල ප්‍රමාණයේ ආයෝජන සහ ණය මුදල් ලබා දීමට නොහැකියි ” චීනයේ ග්ලෝබල් ටයිම්ස් සඟරාව පලකළ ලිපියක දැක්වේ.

” රාජපක්ෂ රජයට ඉන්දීය රජය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට අනවශ්‍ය නොවුවා නොවේ. හම්බන්තොට වරාය ඉදි කිරීමේ දී අවශ්‍ය ප්‍රතිපාදන සහ කොන්ත්‍රාත්තු ඉන්දියාවෙන් ඉල්ලු අවස්ථාවේ ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ චීනය වෙත හැරීම හැර වෙනත් විකල්පයක් රාජපක්ෂ රජය වෙත නොවීය ” එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

මෛත්‍රිපාල සිරිසේන ගේ රජය චීන සහයෝගී ප්‍රතිපත්ති වලින් බැහැර වීම ඉන්දියාවේ කැමැත්ත වන බවත් චීන සමඟ සහයෝගයෙන් කටයුතු කළත් ශ්‍රී ලංකාව ඉන්දියාව පළමු ස්ථානයේ තැබීම ඉන්දියාවේ අභිප්‍රාය යැයි ” ග්ලෝබල් ටයිම්ස් ” සඟරාව සිය ලිපියේ සඳහන් කර තිබේ.

ඉන්දීය යෝජනා කෙරෙහි අප්‍රසාදය පල කරන චීන මාධ්‍යය ශ්‍රී ලංකාව තුල ජපානය ආයෝජනය කිරීම පිළිබඳව ප්‍රසාදය පල කරයි. චීනය සහ ජපානය ඉන්දියානු සාගරයේ නිදහස් නාවුක ගමනා ගමනය පිළිබඳව සම උනන්දුවක් දක්වති. ඉන්දීය සාගරයේ ජපානයේ කටයුතු කෙරෙහි ඉන්දියාව විරෝධයක් නොදක්වයි.

කෙසේ වෙතත් ඉන්දියානු සාගරයේ වැදගත්කම ඉහල යාමත් සමඟ ශ්‍රී ලංකාවේ වෙත ප්‍රබලයන්ගේ අවධානය යොමුවීම තුලින් රටට විශාල ආයෝජන අවස්ථාවන් උදා විය හැකි බව පෙන්වා දෙන “ග්ලෝබල් ටයිම්ස්” සඟරාව මෛත්‍රිපාල සිරිසේනගේ රජය චීනය සමග හොඳ හිත වර්ධනය කර ගත යුතු අතර ඒ සමඟම බටහිර රටවල් , ඉන්දියාව සහ ජපානය සමඟ ද සම්බන්ධතා රැක ගත යුතු බවද අවධාරණය කරයි.

” මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකාවේ සංවර්ධනය වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු වන අතර චීනය සමඟ සබදතා විනාශ කර ගනිමින් වෙනත් දුර්වල සහකරුවන් ලංකර ගැනීමට කටයුතු නොකළ යුතුයි ” ග්ලෝබල් ටයිම්ස් ” සඟරාවේ ලිපියේ දැක්වේ.

රාජපක්ෂ රජයේ චීන හිතෛශිභාවය ගැන බටහිර රටවල් සහ ඉන්දීය මාධ්‍ය කල ප්‍රකාශයන් පිළිබඳව චීන මාධ්‍යන් මිට පෙර දෝෂාරෝපණය කර තිබුණි.

රාජපක්ෂ රජය සමයේ ඉන්දියාවට වඩා චීනයේ අදිපත්‍යය පතුරවමින් විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් ණය ආධාර වශයෙන් චීනයෙන් ලබා ගැනීමට හැකිවිය.

Related posts

Comments are closed.

Top