රෝගීන්ට ඇතිවන සමාජ සදාචාරාත්මක ගැටළු සාකච්ඡා කිරීම,සෞඛ්‍ය වෘත්තිකයන් දිරි ගැන්වීම, නිතර නිතර රෝහල් ගතවීමට සිදුවන රෝගීන්ගේ වියදම අවම කිරීම, සුව කළ නොහැකි රෝගීන්ට කායික, මානසික හා ආධ්‍යාත්මිකව සුවදායී මරණයකට ඉඩ ප්‍රස්ථාව සැලසීම ආදී සාධනීය කරුණු මුලකරගත් ‘සහන සත්කාරක සේවා’ නම් ක්‍රියාවලිය ක්‍රමයෙන් රටපුරා ඇති සියලුම රෝහල් වෙත ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව එම සංවිධානය නිවේදනය කරයි.
මේ සඳහා සැළසුම් කෙරුණු, දීප ව්‍යාප්තව හෙදියන් සහ සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ දෙවැනි සහන සත්කාරක වැඩමුළුව මෙම සංකල්පයේ නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය රන්ජන් මල්ලවආරච්චිගේ මූලිකත්වයෙන් අගෝස්තු මුල් සතියේ අනුරාධපුර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ඔස්ටේ්රලියාවේ ‘ශාන්ති පදනම’ සමඟ ඒකාබද්ධව පැවති මෙම වැඩමුළුව සඳහා, මෙම කර්තව්‍යයේ මුල්බීජය වැපිරූ ඔස්ටේ්රලියානු සහන සත්කාරක සේවයේ අධ්යක්ෂ හා ශාන්ති පදනමේ ආදී කර්තෘ විශේෂඥ වෛද්‍ය සුහර්ෂ කාන්තිගොඩ ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී විය.
එමෙන්ම විශේෂ පුහුණුව ලත් ශී‍්‍ර ලාංකික හෙදියන් සහ විශේෂඥ පුහුණුව ලත් ඔස්ටේ්රලියානු හෙදියක්ද මෙහි ලා දායකත්වය දැක්වූහ. වෛද්‍ය පාලිත බණ්ඩාර ද මෙම වැඩමුළුව සාර්ථක කරගැනීමෙහි ලා දායක විය.

වැඩමුළුවට සහභාගී වූ පිරිස
දීපව්‍යාප්ත රෝහල් අතුරින් මෙම වැඩමුළුව සඳහා ඉල්ලීම් කළ හෙද-හෙදියන් 142ක්, සමාජ සේවා නිළධාරීන්, හෙද ආචාර්යවරු හා හෙද ආචාර්යවරියන් රැසක් මෙම සත්කාරක සේවා පුහුණු වැඩමුළුවට සහභාගී කර ගැනුණි.
ශී‍්‍ර ලංකාවේ ජනගහනය මිලියන 20.2 ක් පමණ වන අතර වාර්ෂිකව සිදු වන මරණ සංඛ්‍යාව 112500 කට ආසන්න වන බව දත්ත සටහන් පෙන්වාදෙයි. එයින් සහන සත්කාර ලැබිය යුතු රෝගීන් සංඛ්‍යාව 68000 ක් පමණ වන බව ගණන් බලා ඇත.
ඒ අනුව දායකත්වය සැපයීමට අවශ්‍යය පුහුණුව ලත් වෘත්තිකයින් සංඛ්‍යාව සහ ආයතන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිළිකා, අංශභාගය,වකුගඩු අකර්මන්‍යතා ඇති රෝගීන් තම ජීවිත කාලය අවසානය නිමා කරනුයේ අසීමිත වේදනා විඳිමිනි.
මෙවන් රෝගීන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ කායික, මානසික හා ආර්ථික තත්ත්වයන් තක්සේරු කරමින් ඔවුන්ට සහන සැළසීම මෙම සත්කාර සේවාවේ අරමුණ බව මෙම ක්‍රියාවලිය ගැන සඳහන් කරමින් කොළඹ, ස්නායු ශල්‍ය ළමා ඒකකය විශේෂඥ හෙද උපාධිධාරණී ලක්ෂාණි අබේසේකර පවසයි.