සුළුතර ආගමිකයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුල ‘තවමත් හිරිහැර’

Religion Christian

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ නොවන ආගම් අදහන්නන්ට එරෙහි ප්‍රචණ්ඩතා සහ අඩන්තේට්ටම් වර්තමාන පාලනය යටතේ පවා ආරක්ෂක අංශ වලද  සහභාගිත්වයෙන් සිදු කෙරෙන බව ජාත්‍යන්තර මට්ටමේ වාර්තා දෙකකින් හෙළිවී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ට ලැබී ඇති අලුත්ම තොරතුරු වලින් දැක්වෙන්නේ කිසිදු ගැටළුවකින් හෝ අපහසුතාවයකින් තොරව සියලු ජාතීන්ට සහ ආගම්වලට සිය සංස්කෘතික හා ආගමික කටයුතු කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමට කැපවෙන බවට පොරොන්දු වී බලයට පත් රජයක් යටතේත් ශ්‍රී ලංකාවේ සුළුතර ආගමිකයන්ට එරෙහි දෙසිය හැත්තෑවකට අධික ප්‍රහාර සිදුවන බවයි.

සුළුතර ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි සිදුවීම් එකසිය තිස් දෙකක්ද, ඉස්ලාම් සුළුතරයට එරෙහිව ඇති වූ සිදුවීම් එකසිය හතලිස් එකක්ද පිළිබඳ තොරතුරු වාර්ගික වෙනස්කම්  තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව (CERD) ) වෙත ඉදිරිපත් කරන ලද අලුත්ම  වාර්තාවක සඳහන් වේ.

Sri Lanka Muslims

පොලිසියත් ඉහළින්ම හවුල්

අන්‍යාගමික සුළුතරය ඉලක්ක කොටගත් ගැටුම් පනහකට වැඩි සංඛ්‍යාවකට බෞද්ධ බහුතරයක් ඇති ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සක්‍රිය ලෙස දායක වී ඇති බව ද මෙම වාර්තාව මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ අනාවරණය කොට තිබේ.

සියලු ආගම් හා ජාතීන් පිළිබඳ සහයෝගය හා සංහිඳියාව තහවුරු කරන බවට පොරොන්දු වෙමින් 2015 වසරේ පත් වූ යහපාලන රජය යටතේ පවා ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන්ට විරුද්ධ සිදුවීම් දෙසිය හැත්තෑ තුනක් ලේඛනගත වී ඇති බව, ස්වීට්සර්ලන්තයේ, ජිනීවාහි, එක්සත් ජාතීන්ගේ ආගම්වාදී හා ජාතිවාදී අඩත්තේට්ටම් පිළිබඳ පරීක්ෂණ අංශය හමුවේ අනාවරණය කර ඇත.

එයින්  සිදුවීම් ගණනාවකටම ජ්‍යෙෂ්ඨ හා සහකාර පොලිස් අධිකාරීන් වැනි ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ගේද සෘජු දායකත්වය ලැබී ඇති බව  ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානයේ  (NCEASL), මානව හිමිකම් සංවර්ධනය සදහා වු මධ්‍යස්ථානය (CHRD) සහ  සුළු ජාතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය’ (MRG)  විසින් සම්පාදිත වාර්තාවේ සඳහන් ය.

අගෝස්තු මස දෙවැනිදා ස්වීට්සර්ලන්තයේ, ජිනීවා නුවර ඇරැඹී වාර්ගික  වෙනස්කම්  තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුවේ අනූවැනි සැසි වාරය නිම වන්නේ විසිහය වැනිදා ය.

Gnanasara BBS

ඇමරිකාව සහ බොබසේ
ඒ අතරම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කෙරුණු වාර්තාවක සඳහන් වන්නේ බොදු බල සේනා සංවිධානය අඛන්ඩවම බෞද්ධ ආධිපත්‍යය පතුරුවමින් සිටින බවයි.

2015 වසරේ ආගමික නිදහස පිළිබද සැකසුණු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව සඳහන් කර ඇත්තේ බොදුබල සේනා නායක ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව මුස්ලිම් හා ක්‍රිස්තියානි සුළුතර ආගමික ප්‍රජාවන්ට එරෙහිව වෛරී සහ කුපිතකරවන සුළු ප්‍රකාශ නිකුත් කරන අතර එවැනි භික්ෂුන්ට ආණ්ඩුවේ රැකවරණ සැලසෙන බවයි.

මුස්ලිම් වරුන් සඳහා වන ලේකම් කාර්යාලය වාර්තා කොට ඇති පරිදි පසුගිය වසර තුල ඉස්ලාම් ආගමට එරෙහිව ශ්‍රී ලංකාවේ සිදුකොට ඇති ප්‍රචණ්ඩ ක්‍රියා  සංඛ්‍යාව 82 කි.

Related posts

Comments are closed.

Top