යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලංකාවට පැමිණේ

unnamed (2)(10)

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා ඇතුලු දූත පිරිසක් නිල සංචාරයක් සඳහා 13 සෙනසුරදා ලංකාවට පැමිණ ඇතැයි රජය පවසයි.

2030දී මෙරට ස්ථීර සාමය සහ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබාදීම අධ්‍යක්ෂක ජනරාල්වරියගේ සංචාරයේ අරමුණ වී තිබෙන බවත් සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මේ සංචාරය අතරතුර දී අධ්‍යක්ෂ ජනරාල්වරිය සීගිරිය ඇතුළු ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන 08ක් නිරීක්ෂණය කිරීමට නියමිත බවයි රජය පවසන්නේ.

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැත්වෙන සාමය හා සංවර්ධනය පිළිබඳ විශේෂ දේශනයකට අගෝස්තු 16 වනදා ඇය එක්වීමට නියමිත බවත්,අගෝස්තු 17 වනදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සහ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට එක්වීමට නියමිතයි.

ඉරිනා බොකෝවා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් අනතුරුව මෙරට සිදු කරන පළමු සංචාරය මෙය වේ.

Related posts

Comments are closed.

Top